.
.
හැමදාම පුරුද්දට පාන්දරම නැගිට්ට රියානා ඇස් ඇරලා ටික වෙලාවකින් අලුත් වට පිටාවට ඇස් හුරු කරගත්තා..
ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා අතේ තිබ්බ බූල් බෑන්ඩ් එකෙන් කොණ්ඩේ ඔක්කොම එකතු කරලා පෝනිටේල් එකක් දාගෙන ෆෝන් එකෙන් වෙලාව බලලා බාතෲම් එකට ගිහින් ,
මූණ ටිකක් සෝදන් ආව රියා ෆෝන් එකත් අරගෙන බැල්කනි එකේ දොර ඇරගෙන බැල්කනියට ආවා..වෙලාව හතරයි විස්සයි.. ඈත පේන අහස දිහා බල බලම බැල්කනියේ තිබ්බ ලී බංකුවකින් වාඩි වුන රියා ෆෝන් එක අරන් අම්මට ඩයල් කරා..
පළවෙනි කෝල් එක කට් වෙද්දි ෆෝන් එක අරන් බැල්කනියේ අත් වැටට හේත්තු වෙලා සීතල හුලග විදගන්න ඇස් පියා ගත්තා..
සීතල හුළං ඇග වහගද්දිම රියාගේ ෆෝන් එක රින්ග් වුනා...
අම්මා..
මයේ කෙල්ල මෙච්චර උදෙන් නැගිට්ටද රත්තරං .. මගේ අම්මා නින්ද ගියේ නැද්ද .. අසනීපයක්වත්ද , තව ටිකක් නිදාගන්න එපැයි..
මගේ කෙල්ල කෝල් කරද්දි මං හොද්ද හැදිගාගා හිටියේ හොද්ද බාලා එද්දි කෝල් එක කට් වුනා ඒ ගමන් මේ ආයේ ගත්තේ..නින්ද ගියා අම්මේ.. අම්මව ගොඩක් මතක් වුනා.. මට ඔයා නැතුව පාළුයි සුදු මැණිකේ.. උදේට ඔයාගේ රැප් එක නැතුව පාළුයි..ආහ්..ම්ම්..