" හොස්ටල් හදන්න දුන්න සල්ලි වලින් ඇමතිතුමිය කාර් සේල් එකක් දාලා.. "අද දි**ණ ප්‍රධාන ශීර්ෂ පාඨය මගින් රටක් කැළබෙන හෙලිදරව්වක්.. ,
මොකක්ද මේ කාර් සේල් හුටපටය..
උසස් අධ්‍යාපන හා ය්යෙවන කටයුතු පිළිබඳ ඇමති ඔල්ගා දිසානායක මහත්මිය විසින් 2023.03.24 දින රජය විසින් විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසික ගැටළු විසදීම සදහා වෙන් කරවූ කෝටි 2ක මුදලින් 40% ක මුදලක් අයතා වංචා කර එය යොදාගෙන තමන්ගේ පව්ද්ගලික කාර් සේල් ආයතනයක් ආරම්භ කර ඇති බව හෙලි දරව් වී ඇත..
එය තහවුරු කිරීමට අදාළ රිසිට් පත් වල ඡායා පිටපත් හා වැඩි විස්තර දි**ණ පුවත් පතේ 08 පිටුවේ අපිට දැක ගත හැකිය..
දි**ණ වෙනුවෙන් වාර්තාකරණය ආෂා ජැනට් ..
රටම කැළඹූ මේ පුවතේ ඇත්ත නැත්ත දැන ගැනීමට අපි මෙම වැඩසටහනට උසස් අධ්‍යාපන හා ය්යෙවන කටයුතු ඇමති තුමිය ඔල්ගා දිසානායක මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කිරීමට උත්සාහ කරත් එය අසාර්ථක වුනා..
අද දිනය ඇතුළත මේ පිළිබඳ වැඩි විස්තර අපි බලාපොරොත්තු වෙමු..
කවුරුත් නොදන්න ඇත්ත මේකද ..
අපි විරාමයකට ගොස් නැවත හමුවෙමු.. මේ සි** පත්තරේ....
වෙන දේ හිතා ගන්න බැරුව සෙනු කට ඇරන් ටීවි එකේ පත්තර කියන කෙනා දිහා බලන් ඉද්දි බිත්තියට හේත්තුවක් දාගෙන රියා මේ දිහා අමුතු හිනාවකින් බලන් ඉදලා උඩට ගියා..
.
.
.
මේ නියුස් එක දිහා තව දෙන්නෙක් බලන් හිටියේ තුෂ්නිම්භූත වෙලා..
ඒ යෂ් එක්ක ක්‍රිෂ් ..අයියේ ඒක ඇත්තක්ද..??
ඒක තමා , මාත් දන්නේ නෑ.. ඒත් ඒක ඒමනම් ඔය ගෑණිව තියන්න වටින්නෑ..
ඒ අයියගේ යාළුවගේ අම්මා නේ..
කාගේ අම්මා වුනත් ඒ ගෑණි කරලා තියෙන්නේ මහ බලු වැඩක්..