උදේ පාන්දරම නහයට දැනුණ සාම්බ්‍රාණි සුවද එක්කම ඇස් ඇරිය රියා දැක්කේ කාමරේ කෙළවර තිබ්බ බුදු පිළිමෙයි , ගණ දෙවි පිළිමෙයි , මරියා මාතාවගේ පිළිමෙටයි වැදන් ඉන්න සාරාව.. ආගම් තුනක යාළුවෝ තුන්දෙනෙක්.. එකම කාමරේක ..උදේ පාන්දර දැක්ක ලස්සන දර්ශනයත් එක්ක ඇග මැළි කැඩුව රියා පොඩි ලී පඩි පෙලෙන් බැහැලා ඇවිත් නිදි මතේම සාරා ගේ ඇගට බර වෙලා බදා ගත්තා..
ගුම්මෝනිම් සාරා..
ම්ම් රියා නැගිට්ටාද , ගුම්මෝනිම් .. මං නැගිටිද්දි ඔයා නිදි තමා..අපිලා ඔයාව නැගිට්ටුවේ නෑ..
ආහ්.. කියා නැගිට්ටද.. කෝ දැන්..
එයා පහළට තමා ගියා අපිලට කන්න ගේන්න..
ආහ්.. මං ඒනම් වොෂ් දාන් එන්නම්..
ආ ශරි ශරි.. මේ රියා මං ශනේෂ් වදින්න දන්නවා තමා , බුදු පිළිමෙටත් වැන්දා තමා ඒත් මරියා අම්මා වදින්න දන්නෑ තමා.. මං හැමෝටම හන්දුන් කූරු තමා පත්තු කරා.. පව් ශිද්ද වෙනවද දන්නෑ ..
නෑ නෑ ඒම මොකුත් වෙන්නේ නෑ.. කාට වැන්දත් ශ්‍රද්ධාවෙන් වැන්දාම හරි..
ඒම කියලා රියා ඇදුන් ටිකයි ටවල් එකයි අරන් ගියේ එයාලාගේ හොස්ටල් එකේ බාතෲම් එකට.. ටිකකින් නාගෙන ඇදගෙන රූම් එකට එද්දි සාරා පිගන් වලට කෑම බෙදනවා..