Chapter 11 ❤️‍🔥

531 63 15
                                    


චූටි ...

චූටී.. ඔයා කොහෙ..

දෙයියනේ චූටි ....අනේ රත්තරං මොකද මේ වුනේ...

සෙනූ පහළ ඉදන් උඩට ආවේ රියානාට රෑට කන්න එන්න කියන්න.. දවල්ටත් නොකාපු නිසා සෙනූ රියා කැමති විදිහට චීස් පැස්ටා හැදුවේ රියානට කෝමහරි කවාගන්න හිතලා.. අඩලා අඩලා නිදි කියලා හිතුවත් සෙනූ උඩට එද්දි දැකපු දෙයින් සෙනූ රියා ලගට ගියා නෙමෙයි දිව්වා.. එයා ලගට යද්දිත් රියා අඩ අඩ හිටිය තැන සිහි නැතුව වැටිලා වගේම ඒ ලග වීදුරුවක් කුඩු වෙලා..
සෙනුගේ ඇස් වලින් කදුළු ගලන්න තප්පරයක්වත් ගියේ නෑ..

අනේ මගේ මැණික නැගිටින්නකෝ..

අනේ චූටි මාව බය කරන්න එපා..

නැගිටින්නකෝ...

රියානාගේ ඔළුව උකුළෙන් තියා ගත්ත සෙනූ ඉක්මනින් යෂ්ට ඩයල් කරා..

අනේ යෂ් .. කෝල් එක ආන්සර් කරන්න..

සෙනූ ගේ ඇස් වල කදුළු ඔහේ ගලනවා.. තනියෙන් එයා මොනා කරන්නද..යෂ්ට කොච්චර කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරන්නැති නිසාම සෙනූ රියා එතනම තියලා පාරට දිව්වේ හන්දියට ගිහින් වීල් එකක් කතා කරගන්න ..

අඩ අඩම හන්දියට දුවන සෙනූ දිහා කෙනෙක් බලන් හිටියේ හන්දියේ ලොකු ගෙදර ගේට්ටුවෙන් එළියේ ඉදන්.. ටිකක් වෙලා මේ දිහා බලපු ඒ කෙනා ගෙදරට ඇදන් හිටපු ශෝටට අත් දෙකත් දාගෙන එතනට ආවා.. ඒ වෙද්දිත් හන්දියේ එකම වීල් එකක්වත් තිබ්බේ නෑ..
සෙනූ හිටිය තැනම වාඩී වුනේ ඔළුවත් අල්ලන් ඉකි ගහන ගමන්..

එක්ස්කියුස්මී..!!

ඇහුණු නුපුරුදු කටහඩ නිසා කදුළු පිරිච්ච ඇස් වලින් ඔළුව උස්සලා බැලුවේ හරි අසරණ විදියට..

ඔ.. ඔයාට ප්‍රශ්නයක්ද.. ඇයි මේ අඩන්නේ..

ඉ.. ඉරෝන් අයි.. අයියා.. අනේ..

ඇයි මොකද වුනේ නංගි..

අනේ.. අයියේ මගේ යාළුවා.. එ එයා

කියන්න ගියපු දේ ඉවර කරගන්න බැරි වුනේ ඉරෝන් හරස් ප්‍රශ්නයක් ඇදපු නිසා..

_ පාෂාණ _❤️‍🔥Where stories live. Discover now