පාන්දර 3. 45 ත් පහු වෙලා රියා හිටියේ ලැප් එකත් ඔන් කරන් ලොකු වැඩක.. රියා එක්ක කියව කියව හිටිය සෙනූ නම් හොද නින්දක..
ඒත් මේ රියා මේ නිදි මරන් කරන වැඩේ ගැන දන්නේ රියායි තව එක්කෙනකුයි විතරයි ..ලාවට ඇස් පිය වීගෙන එද්දි ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා මේසේ උඩ තිබ්බ උණු වතුර බෝතෙලෙන් කෝපි ටිකක් වක් කරන් රියා හුළං ටිකක් වැදෙන්න බැල්කනියට ගියා..
බැල්කනි වැටට හේත්තු වෙලා කෝපි එක තොල ගාන ගමන් ඈත බලන් හිටපු රියා එක පාරට දැක්ක දේ නිසා ආපහු සැරයක් ඒ දිහා විමසිල්ලෙන් බැලුවා..
පාන්දර හතරට විතර ලගයි.. කාත් කවුරුත් නැති මේ අතුරු පාරේ බොටම් ටී ෂර්ට් ඇදන් ජැකට් එකක් ඔළුව වැහෙන්නම ඇදන් පාරේ කවුදෝ කෙනෙක් ඇවිදන් යනවා.. ඒ කෙනා රියානා ඉන්න ගෙදර පහු කරන් ගිහින් විනාඩි දහයක් පහළවකින් ආපහු ගේ පහු කරන් යද්දි තමා රියා එයාගේ මූණ දැක්කේ..
ආහ්.. මේ අර ඇමතිතුමියගේ සෙල්ලක්කාර පුත්ත්රරත්නේ නේ..
උට පිස්සුද මේ පාන්දර දුවන්න..ඒම තමන්ටම කියන ගමන්
රියා සමච්චල් හිනාවක් දාන් ආපහු කාමරේට ගියා..
හැබැයි ඒ සමච්චල් හිනාව තව කෙනෙක් ඕනෑකමින් බලන් ගියා කියලා රියා දන්නේ නැතුව ඇති..