යෂ් එළියට යද්දිත් රියානා එළියට වෙලා සෙනුගේ අක්කගේ බබාවත් වඩාගෙන සෙනූ එක්ක බබාට කවන ගමන් හිටියේ..
හන්දිගේ ඉදන් යෂ් අදත් පයින් එන නිසාම බබාව සෙනූට දීලා රියා එතනට දුවගෙන ගියා..
ඇයි මේ පයින් ,මේ ටිකත් වීල් එකේ එන්න තිබ්බනේ..
ආහ්.. නෑ.. අතනදි පොඩි ඇක්සිඩන්ට් එකක් වුනානේ..
ඒ ඇහුනා විතරයි රියා යෂ් ව හරව හරව බැලුවේ තුවාල වෙලාද කියලා..
ඊට පස්සේ රියානව තුරුලට අරන් නලලට පොඩි කිස් එකක් දීලා හිනා වෙන ගමන්මට අවුලක් නෑ මැට්ටි..වීල් එකට තමා ඉස්සරහින් ආව බයික් එක වැදුනේ..
අම්මෝ මං බය වුන තරමක්..
හැබැයි මේ දිහා තව දෙන්නෙක් බලන් හිටියේ ඊර්ෂ්‍යාකාර දුක මිශ්‍ර ඇස් දෙකෙන්..
ඒ එක්කම එතට බබාවත් වඩාගෙන ආවේ සෙනු..යා.. උඹලා ඕම ලව් කරන්න එපා බන්.. තනිකඩ අපේ හිත් කැඩෙනවා..
සොරි කෙල්ලේ..
අක්කා ඇතුළේ අයියනම් උදේම ගියා.. අක්කත් හවස යයි.. යමුකෝ ඇතුළට
රියානාගේ අතක් තමන්ගේ අතක් එක්ක පටල ගත්ත යෂ් රියානව තුරුළු කරන් බැල්කනි එකේ පඩිපෙළින් රියාගේ කාමරේට ඇතුළු වුනා..
සෙනුත් බබාව අක්කගේ අතට දීලා කාමරේට රිංග ගත්තේ ඊයේ රියා එද්දි අරන් ආව ක්‍රිස්කෝ ටින් එකත් අරන්..
ඉතිම් ඉතිම් යෂ් මොකෝ වෙන්නේ..
රියා ලගින්ම එයාල හේත්තු වෙලා වාඩි වුන සෙනූ කතාව පටන් ගත්තා..
සදුදා ඉදන් කෝස් එකට යන්න තමා බැලුවේ ඉතිම්..
එතකොට කොරියන් කෝස් එක..