එදා හෝටලේ සිදුවීමෙන් පස්සෙ දවස් දෙකක් ගෙව්නේ ඇහිපිහ ගහන පමාවට..................................මේ දවස් දෙක ඇතුළත් කියන්න තරම් විශේෂ සිදු වීමක් නම් උනේ නෑ.............................හැබැයි එදා ට්‍රිප් එකෙන් පස්සෙ යශ් ගෙ හැසිරීමේ ලොකු වෙනසක් වෙලා තිබුණා.................................
එදා අපි පහුවදා උදේම නැගිටලා ගෙදර එන්න පිටත් වුණා..................................උදේ නැගිටිද්දි මන් යශ්ගෙ තුරැලේ හිටියා වගේම උදේ පාන්දරම යශ් මගේ නළලට ආදරණීය හාදුවක් දුන්නෙ මාව පුදුම කරවලා..........................................ඒ වෙනකන් මට ඊට කලින් රෑ ගැන ලොකුවට මතකයක් තිබ්බෙ නැති උනාට පස්සෙ පස්සෙ ඒවා මගේ මොළේට ප්‍රොසෙස් වුණේ ඉහේ කනේ ඉදන් රත් වෙලා යශ්ගෙ මූණ බලන්න බැරි කමක් එක්ක.........................................කොහොම හරි හොටෙල් එකේ මැනේජ්මන්ට් එකෙන් අපිට කිව්වේ අපේ වැරැද්දක් නැති වුණත් එයාලා කලින් ම මේ රණ්ඩුව පොලීසියට දැනුම් දුන්න නිසාත් අපිටත් පොලිසියට ගිහින් කට උත්තරයක් දෙන්න කියලා.....................................ඒ නිසා උදේම ලෑස්ති වෙලා අපි හතර දෙනා පොලීසියට ආවා........................... වෙනදා වගේ නෙවෙයි මිහි සිහින අයියත් එච්චර දෙන්නට දෙන්න මූණ දෙන්නෙ නැති කමක් දැක්කත් මන් වැඩිය මුකුත් අහන්න ගියෙත් නෑ මොකද මන් හිටියෙත් යශ්ට මූණ දීගන්න බැරි තත්වෙක නිසා...............................
පොලිසියට ගිහින් අපි කට උත්තර දීලා ආයෙම වාහනෙන් ගෙදර ආවේ එකම වචනයක්වත් කතා නොකර ................................අපි හතර දෙනා අතර ඒ වෙලේ තිබ්බෙ පුදුම නිහඬ බවක්......................................ඒ නිහඬ බව අස්සෙන් මට එකින් එක ආයෙම මන් කරපුවා මතෙකෙට ආවා වගේම අපේ පළවෙනි හාදුවේ රසට මන් හිටියේ සතුටේ මුදුනේ............................................ඒක නෙවෙයි දැන් ප්‍රශ්නෙ මොන හේතුවකටද මන්දා මට යශ්ට මූණ දෙන්න බැරි කමක් තිබ්බා...........................ගෙදර ඇවිල්ලත් අපි දෙන්නා වෙනද වගේම හැසිරැනා....................................මන් පුලුවන් තරම් යශ්ව මඟඇරියා........................................දැන් ඒ ඇයි අහන්න එපා .........................මන් ඇයි එහෙම කරන්නෙ කියලා මන්වත් දන්නෙ නෑ.........................................
වෙනදා වගේම අදත් යශ් office ගියා........................මගෙ අතින් මන් එයාට හරි ආසාවෙන් වැඩ ටික කරලා දුන්නා..............................හැබැයි මන් නෙවෙයි ඔලුවක් උස්සලා එයා දිහා බැලුවේ...................................මන් එදා අවසිහියෙන් හිටියත් එයා ආදරෙයි කියලා කියනවා මට මතකයි........................................ඒක හීනයක් වගේ............................මට ආයෙම ඒක අහන්න ඕනේ...........................එයාගෙම කටින්..............................මෙච්චර කල් මන් බලන් හිටියේ මේකටනෙ දෙයියනේ .................................ඉතින් මට මගේ සතුට වචන කරන්න බැ..................................
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...