හත්වැන්න 💚💜️

139 20 11
                                    

         ඇගට දැනෙන දරාගන්න බැරි සීතල නිසා මං තව ටිකක් බ්ලැන්කට් එක අස්සට ගුලි වුණා වුණත් මට දැනුණේ හරියට මන් ෆ්‍රිජ් එකක් අස්සේ ඉන්නවා වගේ හැගීමක් ..........ඒ තරමට සීතලයි..............ඒ අස්සෙන් දහ දෙනෙක්ගෙන් ගුටි කෑවා වගේ මගෙ ඇග වේදනා දුන්නා...............ඒත් එක්කම එක දිගට නාද වෙන මගේ ෆෝන් එක ගන්න වුවමනාව තිබ්බත් ඇස්දෙක ඇරගන්නවත් පුලුවන් කමක් මට තිබ්බෙ නෑ...........ගින්දර පිටවෙනවා වගේ දැනෙන ඇස් දෙක අරින්න කිහිප වතාවක් මන් උත්සාහ කරා.................ආයෙම සැරයක් ෆෝන් එක රින්ග් වෙද්දි බැරිම තැන මන් ඇස් දෙක පියාගෙනම ඇද උඩ අත එහෙ මෙහෙ යවලා ෆෝන් එක හොයාගෙන ආන්ස්වර් කරා........................

 



            " හෙ......ලෝ..............."





කතා කරන්නවත් මගේ ඇගට පණක් නැති වෙද්දි කෙදිරිලි කටහඬකින් මම කතා කරේ මේ කෝල් එක කාගෙන්ද කියලවත් නොදැනයි..............







        "හෙලෝ ආයූ.............උඹ කොහෙද ඉන්නෙ ...මං මේ විනාඩි 15 ක් විතර වෙලේ ඉදන් මේ දොරට තඩි බානවා තොට ඇහෙන්නෙ නැද්ද බන් "...............







       " ආ.........ම්ම්ම්.........මිහී..........සොරි බන් ....මට ......මට ඇහුනේ නෑ බන් ".....................







       " ආයූ............උඹ හොදින්ද  "................








         " ආ ඔව් බන්............ඉන්නකෝ මන් එන්නම් ...............





 

       මිහීට එහෙම කියපු මන් ෆෝන් එකත් එහාට වෙන්න දාලා අමාරැවෙන් ඇදේ වාඩිවුණා............ටික වෙලාවක් ඒ විදියට ඇද උඩම හිටිය මට මිහියා ඇවිත් නිසා පහළට යන්න ඕනේ කියලා මතක් වුණා........රෑට ඇදන් හිටපු පිජාමා එක පිටින්ම නැගිට්ටා............එක පාරම මට මොනවද වුණේ කියන්න තේරැනේ නෑ...............මේ වෙලාවේ ඇගට දැනෙන තෙහෙට්ටුව , ඒ වගේම පිපිරෙන්න වගේ දැනෙන හිසරදය නිසා මට ඒවා තේරැම් ගන්නවත් ඕනකමක් තිබ්බෙ නෑ............









    පඩිපෙළේ වැටට බර දීපු මන් හෙමින් හෙමින් පඩියෙන් පඩිය බැහැලා ගිහින් දොර ඇරියා වෙද්දි මිහියා මගේ දිහා උඩ ඉදන් පහළට ම බලන් ගියේ කටත් ඇරගෙනමයි...........









ඔබගෙන් තරම්.....   Taekook 💚💜️Where stories live. Discover now