උදේ සිද්දියෙන් පස්සෙ අම්මිලා යනකන්ම මන් හිටියේ room එකට වෙලා ..................අම්මිලා යනවවත් මන් දන්නෙ නැ............................ යශ් ශෙවෝන් අයියා අම්මි තාත්ති සෑහෙන වෙලා මොනවදෝ මන්දා කතා කර කර හිටියා මට ඇහුණා..................................මොන හේතුවකටද මන්දා මට ආයෙම එතනට යන්න හිත දුන්නෙ නෑ...........................සමහරවිට මන් කරන මේ දේවල් එයාලගෙ හිත් රිදවනවා ඇති එහෙමත් නැත්නම් මන් මේ කරන්නෙ වැරදි වැඩක් වෙන්න ඇති ඒත් කමක් නෑ.........................මට දැන් හරි තෙහෙට්ටුයි..............................දේවල් දරාගෙනම ඉදලා හරි මහන්සි................................
එවෙලේ අඬාගෙන ආවට මොකද ටික වෙලාවකින් මට අඩන්නවත් කදුළු ආවේ නෑ...........................යශ් ගාවට යන්න ඕනේ එයට අමාරැයි තාම ඒත් අම්මිලා හිටපු නිසා මන් ඔහේ ඇඳට වැටිලා කොහෙදෝ මන්දා ඈතක තනි වෙලා හිටියා..............................කවදාවත් මන් මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි ....................මෙහෙම කරන කෙනෙකුත් නෙවෙයි ඒත් අනේ මන්දා............................ඒ ඉන්න අතර තුරේ මටත් නොදැනීම මගේ ඇස් පියවුණේ සේරම හිත රිදීම් මොහොතකට මගෙන් දුරස් වෙමින්.....................
කොච්චර වෙලාවක් මට නින්ද ගියාද කියලා මම දන්නෙ නෑ හීනෙන් වගේ කවුරු හරි මගේ ඔලුව අතගානවා වගේ දැනුණා...........................හරි සනීපයි............................මන් තව ටිකක් පෙරවන රෙද්ද ඇතුළට ගුලි වුණා................................
" සේරම හරි සේරම හරි .......තව ටිකක් දොයියගන්න ".....................
මට නින්ද යද්දි පෙරවන රෙදි මුකුත් තිබ්බෙ නෑ කියලා මතකයි මොකද මට ඔහේ වැටිච්ච විදියටමනෙ නින්ද ගියේ.......................හැබැයි මන් දැන් ඉන්නෙ bedsheet එකක් ඇතුළේ හරි සනීපෙට ..................................මගේ හිසකෙස් අතරින් අත යන් ගමන් මන් ටිකක් දැඟලුව නිසාදෝ මන්දා ඒ කෙනා මට "සේරම හරි තව ටිකක් දොයියගන්න " කියනවා වගේ හීනෙන් ම ඇහුණා..................................
ටික වෙලාවක් ආයෙම සනීපෙට නින්දට ගිය මට දැනුණා යන්තමට වගේ ඒ ආපු කෙනා මගේ නළලට එයාගේ තොල් තද කරගෙන තප්පර කීපයක් එහෙම ඉන්නවා ............ඒත් එක්කම මට ආයෙම පාරක් කිසිම හැල හොල්මනක් නැතුව නින්ද ගියේ ආපු කෙනා කව්ද කියලවත් හිතන්නවත් ඉඩක් නොතියාමයි................................
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...