දෙලොස්වැන්න 💚💜️

142 19 2
                                    

දවස් සති ගානක් ගොඩක් වැඩත් එක්ක ගෙවිලා ගිහින් අද මාසේ අවසානේ අවසාන සතියක සති අන්තය....................මුළු දවසක් අවසානයේ ඉරත් මහන්සි බව අඟවමින් සැඟවිලා යන්න හදන වෙලාවක මහ හයියෙන් නැතත ලාවට හමන සුළඟ නිසා ඇඟේ හිරිගඩු පිපුණා.......................අත් දෙකත් පපුවට බැඳගෙන දැනෙන නොදැනෙන ගානට හමන සුළඟත් එක්ක අඩ අන්ධකාරයත් මැද්දෙ අපිට කියලා ඒ කියන්නෙ මටයි යශ් ටයි කියලා වෙන් වෙච්ච room එකේ බැල්කනියේ වැට ගාව හිටගෙන මන් හිටියේ මට පේන මේ සුන්දර දර්ශණය මගේ මුළු ආත්මයෙන් ම විඳින ගමන් දුර ඈතට නෙත් යොමාගෙන .......................

" 7 වෙද්දි අපි පන්සලට යනවා ලෑස්ති වෙලා පහළට එන්න "...........................

ගෙදර හිටපු කාලෙකවත් මන් මේ වගේ තැන් වලට ඇවිත් නැ...................මට යන්න ඕනේ උනත් අම්මටයි තාත්තටයි ඒකට වෙලාවක් තිබ්බෙ නෑ...................මන් හිතන්නෙ අවුරැදු ගානකට පස්සෙ තමා මන් මේ වගේ ඇවිදින්න ආවේ.......................................


7 වෙද්දි පහළට එන්න කියපු නිසා තවත් මෙතන ඉන්නෙ නැතුව බාත්රෑම් එකට ගියපු මන් වොෂ් එකකුත් දාගෙන ලා නිලට එහෙමත් නැත්නම් අහස් නිලට හුරැ ඩෙනිමකුත් ඇඳගෙන අත් දිග සුදුපාට ටිකක් දුහුල් සිල්ක් ශර්ට් එකක් ඇන්ඳා........................

ගොඩක් ඇඟට තදට තියෙන ඇඳුමක් ඇන්දෙ නෑ මොකද අපි දැන් යන්න හදන්නෙ පන්සලකට නිසා.....................ඒකත් ඇඳගෙන කණ්නාඩිය ඉස්සරහට ගිහින් තියෙන මගේ ලට්ට ලොට්ට ටික ගාගත්තා මොනා වුණත් සුවඳට ඉන්න ඕනෙනෙ........................කණ්නාඩියෙන් පේන මගේ රෑපේ දිහාම ටිකක් වෙලා මන් බලන් හිටියා...............ඇඟට ගොඩක් ලූස් එකට තිබ්බ මගේ දුහුල් ශර්ට් එකට යටින් මන් සුදු පාට අත් කොට බැනියමක් ඇන්ඳා නිසා දුහුල් වුණත් ඒක වැඩිය ගානක් වුණේ නෑ.......................


" ඔය ඉන්නෙ කේජූ කෑල්ල වගේ ".......................


ලස්සනට පේන මගේ රෑපේ දිහා බලන් මට ම කියාගෙන අපේ room එකේ දොරත් ලොක් කරගෙනම ලිෆ්ට් එකෙන් පහළට ගියා ..........................................දැන් ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද ආවේ කියලා ඉන්නකෝ ටිකක් මන් කියන්නම් හොඳේ.........................




ඔබගෙන් තරම්.....   Taekook 💚💜️Where stories live. Discover now