" තමුසෙලා තුන්දෙනාටම තමා කියන්නෙ...! ගිහින් දණගහනවලා ප්රින්සිපල් ඔෆිස් එක ඉස්සරහ...!!!"
අදත් යක්ෂාවේශ වෙලා මේ මර ලතෝනි දෙන්නෙ වෙන කවුරුවත් නෙවේ..ටින් බෙලෙක්කෙකට ටකරමකින් තඩි බානවා වගේ වොයිස් එකකට හිමිකම් කිවුව භූපාලි හෙවත් ගූපාලි..එයාට පුදුම අමාරුවක් තියෙන්නෙ අපි එක්ක..මන්..අපේ මහියා..යුගී..අපි තුන්දෙනාවම තමා කොයිවෙලෙත් කන්න හදන්නෙ..අපිත් ඉතින් ලද අවස්ථාවෙන් ප්රයෝජන ගන්න දන්නෙම නැති එවුන්නෙ..ඒකනිසා අපි එතනින් යන්න කියලා හැදුවෙ මේ කංකරච්චලෙන් බේරිලා ඉස්කෝලෙ වටේ රවුමක් ගගහා ආතල් එකේ ඉන්න පුලුවන් නිසා..
" තමුසෙලා තුන්දෙනා වෙන කොහෙවත් රිංගනව එහෙම නෙවේ..! ඔෆිස් එක..! ප්රින්සිපල් ඔෆිස් එක..දහම්..පුතා ඔයා ගිහින් මුන් තුන්දෙනාව එතනට එක්ක ගිහින් මැඩම් ලලිතට inform කරන්න මමයි මුන්ව එතන දණසැස්සුවෙ කියලා...අහ්..ඔක්කොටම වඩා මේ හොඳට ඉන්න ළමයත් පිස්සු නටන්න ගන්න එකනෙ ඉවසන්න බැරි.."
" ඕකේ මැඩම්..."
ප# තමා..දහම් ඌ කොරයි අපිට...ඕකා අපේ ගූපාලිගෙ බලු කුක්කා..අපේ ක්ලාස් එකේ මොනිටර්..පොත් ගුල්ලෙක්..උට වඩා ලොකු කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන ඉස්සරහ දතකුත් ලෙෆ්ට්..හිතන් ඉන්නෙ ඌ තරම් පොරක් මේ මුලු ලෝකෙම නැහැ කියලා..ඌට අපි එක්ක කොහොමත් ඇරියස් එකක් තියෙනව..අපි කෙසේවෙතත් යුගී එක්ක..මොකද හැමදාම ඌට ක්ලාස් එකේ සෙකන්ඩ් වෙන්න උනේ අපේ එකා ෆර්ස්ට් ගන්න නිසා..
යුගී ගැන කිවුවොත්..උගෙ සම්පූර්ණ නම යසිරු යුගන්ධර ඒකනායක..යුගන්ධර කියන නමට අපි හෙන ආසයි..ඒක හෙන අන්කොමන් ටයිප් එකේ නිසා..ඒ උනාට ඒ ලබ්බ කියද්දි දිව පැටළෙන නිසා ඒක කෙටි කරලා තමා යුගී කියන්නෙ...අපිත් එක්ක ගත්තොත් යුගී අපිට වඩා දහස්ගුණයක් හොඳයි..නරක ආස්සරේ හින්දා තමා මූ මේ පරිප්පු කන්නෙ ඇත්තටම..ඌ හැම විභාගෙකම වැඩිම ලකුණු..හොඳ මොළයක් තියෙනව..සල්ලි..ඒකත් මදි නොකියන්න තියෙනව..ඒත් කිසි ලොකුකමක් නැහැ..ඒකමයි අපි උට කැමති..මන් කොහොමත් එහෙම ලේසියෙන් එක එක ලපයි සිපයි අයව ෆ්රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් කරගන්න පොරක් නෙවේ..
YOU ARE READING
1'st Person~ || TK nonfiction ||
Non-Fiction" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනිය වෙන එක ලේසි නැහැ ඉවෝන්...ඒත් උඹ ඒක කළා...." 🥀