~23~

122 16 17
                                    

@Ruhan's pov

ආහ්...මන් ඇත්තටම ඊයෙ බය වුනා අයියට මාට්ටු උනා තමා කියලා...ඇත්තටම මාට්ටුවෙලා අහුවෙන්න තරම් එතන දෙයක් උන්නෑ...ඒ උනාට පිටින් බලන එකෙක්ට පේන්නෙ වෙන මගුලක්නෙ...
එතන එහෙම මුකුත් අවුලක් උන්නෑ...එයා කවදාවත් නැති විදියට මාත් එක්ක හොඳට කතා කළා එවෙලෙ...මන් දන්නව ඒ ඉවෝන් එතන හිටිය නිසා කියල...අනික එවෙලෙ එයා කිවුව දේට මට කොහොමත් පුදුම හිතුණා..." මන් එනකම් එහෙ ඉන්න තිබ්බනෙ...අස් කරන එක කාවහරි දම්මලා කරගන්න තිබ්බනෙ " කියල...අහ්...එයා කවදා ඉඳන්ද එච්චරටම මන් ගැන හිතන්න ගත්තෙ...සේරම රඟපෑම් තමයි...ඉවෝන්ලගෙ ගෙදරට ගිහිල්ල මගෙ ඇඳුම් ටිකයි බඩු ටිකයි ඔක්කොම අරන් ආපහු ගෙදරට ආවට පස්සෙ මන් හිතපු දේ හරි කියල තේරුණා...එයාගෙ මේ බොරු වදවීම්...ආදරේ...ඔක්කොම ඉවෝන් ඉස්සරහ කරපු රඟපෑමක් විතරයි...
මොකද එයා ආවට පස්සෙ හැසිරුණේ වෙනද පරණ විදියටම තමයි...මාත් එක්ක කතාවක් නැතුව ආව ගමන් කාමරේට ගියා...හැබැයි කෑම නම් ගෙනල්ලා තිබ්බා...කන්න කියල කියන්නැතුව මේසෙ උඩින් තියල ගිහිල්ලා...මන් ඉතින් ඒකත් කාලා නිදාගන්න ගියා...අහ්...නින්ද යන්නෑනෙ...
මෙහෙන් පිට ඉඳල ඉඳල ආපහු මෙහෙට ආවට පස්සෙ වෙනද වගේම රෑට නින්ද යන්නෙ නැහැ...ඇත්තටම මට මෙහෙ කොහොමත්ම ඉන්න ඕනෙත් නෑ...ඉන්න හිතෙන්නෙත් නෑ...ඒත් මොනා කරන්නද...ඉන්න වෙනවනෙ...

ආහ්...ඔක්කොමත් හරි...මන් මොකක්ද ඇත්තටම අද ඒ කරපු ගොං වැඩේ...ඇයි මන් ඉවෝන්ට මේ ප්‍රශ්න කියන්න ගියේ...අඩුම මන් මේ කිසි දෙයක් මෙච්චර එකට ඉන්න එහා වැටේ ඉන්න මහීෂයටවත් අද වෙනකම් තාමත් කියල නෑ...ඇයි මන් එහෙම එකේ ඉවෝන්ට ඒ සේරම කිවුවෙ...අනික...මන් ඌ ඉස්සරහ මෝඩයෙක් වගේ ඇඬුවත් එක්ක..ශිට්...ඕකා දැන් මට ඕක අල්ලන් ආතල් දෙන්න ගත්තම...ම්ම්..නෑ...හැබැයි මන් හිතන්නෑ ඌ එහෙම කැ# වැඩක් කරයි කියල...ආයිශ්..මන් ඌව බදාගෙන ඇඬුවත් එක්ක යකෝ..! ඇත්තටම මන් ඒ වෙලාවෙ මොන ලෝකෙ සිහියෙන්ද හිටියෙ...
ඔක්කොමත් හරි...! කිස් එක...ඇත්තටම මට තාම හිතාගන්න බැහැ මොකක්ද එවෙලෙ එතන උනේ කියන්න...ඇයි ඒ මනුස්සයා එකපාරටම මාව කිස් කළේ..! මාත් බූරුවෙක් වගේ එහෙම්මම හිටියනෙ...ලබ්බ...මගෙ ෆර්ස්ට් කිස් එක යකෝ මේ යම පල්ලා මගෙන් උදුර ගත්තෙ...අම්මප...හැබැයි මට මන් අන්තිමට කරපු දේ ගැනනම් කිසිම පසුතැවීමක් නැහැ...
මට නැත්තන් උටත් නෑ...ඇයි යකෝ....දැන් කීයද වෙලාව...දෙකට පහයි...මෙච්චර රෑ වෙලා මූ ඇහැරගෙන මොන මගුලක්ද කරන්නෙ...මේ යකා මේ මහ රෑ එකපාර කෝල් කරන එකනම් මට එච්චර අල්ලන්නෑ...ශුවර් එකට මහ රෑ කෝපි බොන්න යනකොට යකෙක් දැකලා බයවෙලා තමා ඔය කෝල් කරන්නෙ...යකා නෙවේ...අද කරපු වැඩේට තෝව- එක්කො ඔන්න ඔහේ ආන්ස්වර් කරල බලනව...

1'st Person~ || TK nonfiction ||Where stories live. Discover now