@Ruhan's pov
නුවර වැව දෙවනත් වෙන්නම සින්දු කියලා අපි කට්ටිය ආවෙ හොටෙල් එකට..දැන් ඉතින් මුන් ටික ඔක්කොම වැටිච්ච වැටිච්ච තැන්වල නිදාගන්න ලෑස්තිවෙයිද දන්නෑ මෙතන...යකෝ අර හෙල්ත් පොතේ තියෙනව වගේ මෙතන ගිනි මැලයක්වත් ගහලා ආතල් එකක් ගත්තොත්නම් පට්ට....
" ඒහ් මචන්ලා...මෙහෙ පට්ට නේද..හොඳ ආතල් එකක් ගන්න පුලුවන්..නැද්ද.."
" ඕකම තමා යකෝ මාත් මේ හිතුවෙ..ඒක නෙවේ..කෝ මහියා..උබ ඌව දැක්කද.."
" අර හිටියෙ..මේ..මොකක් හරි අවුලක් තියෙනව..ඕකා දැන් ටික වෙලාවක ඉඳන් මූඩ් ගහන් ඉන්නෙ...අතන වැව ගාව උනත් එච්චර අපි තරම් ආතල් එකක් ගත්තෙ නෑනෙ වාඩිවෙලා හිටිය ඇරෙන්න..."
විහස් කිවුව හරි..මොකක්ම හරි අවුලක් තියෙනව..මහී කීයටවත් ඔහොම කවුද එකා වගේ මූඩ් ගහන් ඉන්න එකෙක් නෙවේ..මුට මොනෞත්තක් වැහිලද දන්නෑ..මන් ඌ ගාවට යන්න කියල හැදුවත් ඌ අපේ පැත්තට ආව නිසා මන් නිකම් හිටියා..
" මොකෝ...මොකක් හරි කේස් එකක්ද.."
" මොන..? මුකුත් නෑ.."
" එහෙනම් කවුද එකා වගේ මූඩ් ගහන් ඉන්නෙ.."
" පිස්සුද පගෝ..මේ අරුන් ටික කෝ දැන්..."
" කට්ටියක් ඇතුළෙ..කට්ටියක් අපි වගේම තාම එළියෙ..අර පේන්නැද්ද.."
" ඔන්න ඔහේ ටිකක් ඉඳලා යන් බන්..හුළං වැදෙන්නත් එක්ක..."
" හුළං තමා..! අරුන් දෙන්නා මොකෝ මේ පැත්තට එන්නෙ.."
" අනේ බන් වඳින්නම්...දැන්නම් මෙතන මරාගන්න ලෑස්තිවෙන්න එපා.."
" මන්ද මරාගන්නෙ..??? දැන් බලන් හිටපන් ඌ නෙවේද ඇවිත් එල්ලෙන්නෙ කියලා.."
" රුහාන්..!!! ඔහොම ඉන්නව..!"
" මන් කිවුවෙ..."
මූ නිකම් අර යක්සාවේශෙන් වගේ මගෙ දිහාවට එනව..හිතන් ඇති බයවෙයි කියලා..බම්බුව තමා..!හ්ම්ම්..ඇයි දැන් මූ මෙච්චර කේන්තියෙන් ඉන්නෙ..
" තමුසෙ නේද අන්තිමට මගෙ ඩොල්කි එක ගත්තෙ.."
" ඔව් ඇයි මොකෝ..? ඒක කැඩිලද...ඒකටත් දැන් තමුසෙ මාව අල්ලන්නද යන්නෙ.."
YOU ARE READING
1'st Person~ || TK nonfiction ||
Non-Fiction" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනිය වෙන එක ලේසි නැහැ ඉවෝන්...ඒත් උඹ ඒක කළා...." 🥀