~15~

248 19 61
                                    

@Ruhan's pov 

අද දවස ගැන ඇත්තටම කතා කරලා වැඩක් නැහැ...මොකද කිවුවොත් අදින් සතියක්ම අපිට විභාගෙ...අද තියෙන්නෙ සයන්ස්...සයන්ස් විතරයි...ඊයෙ රෑ තමා මන් පොත ඇල්ලුවෙත්...ඒ ලබ්බෙ තිබ්බ මෙලෝ දෙයක් මට තේරුණෙත් නෑ..ඇත්තටම අද පේපර් එකට ලියන්න මට දේකුත් නැහැ...මහී ඉඳන් පොත බලනව...විභාගෙට කළින් පෙර සූදානමනෙ...මන් ඔන්න ඔහේ මේ අනිත් එවුන් ටික එනකම් ක්ලාස් එකේ බිත්තියට හේත්තු වෙලා ඉන්නව නිකම් සරණාගතයෙක් වගේ..මොකද පන්තියෙ ඉන්න එවුන් ඔක්කොගෙම වැඩේ පාඩම් කරන එක...යකෝ..තව පැයෙන් පේපර් එක දෙනව..මුන්ට ඒ පැයවත් නිකම් ඉන්න බැරි හැටි...!

" රුහාන් උබ පොඩ්ඩක් මේ ටිකේවත් පොත බලපන්කො...දැන් උබ ඔහොම ඉන්නෙ පාඩම් කරලද...???"

" බලන්න මන් ඔය ලබ්බ උස්සන් එන්න එපැයි...බොරුවට බෑග් එකට බර පටවගන්න ඕන නැහැනෙ මන් කියන්නෙ..."

" ඕන හු#තක් කරගනින්..."

හම්මට..! ඉන්න ඉන්න ඉන්න...! මොකක්ද ඒ උනේ...??? මේ අපේ මහීස් පගා කුණුහරුපයක් කිවුවා..?? නෑ නෑ...ඌ කුණුහරුප කියනව තමා වෙනදටත්...ඒත් මාසයක් විතරම මුගෙ කටින් ඔහොම වචනයක් පිට උනේ නැහැ...මට ඕකට හේතුව මොකක්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ කාලෙකුත් තිබ්බා...හැබැයි ඊයෙන් ඒ කාලෙ ඉවරයි...මුන් ඔක්කොම ඉඳන් බෙල් එක ගහනකම්ම පාඩම් කළා..මුන් සේරම ලකුණු හැටකට විතර එහා අරන් මන් විතරක් ඔක්කොටම විසි ගණන් තිස් ගණන් ගත්තම තමා...ඉතින් එක අතකට මොකද..?? මගෙ ලකුණු බලන්න මොකෙක්වත් ඉන්නවද..මට ඇතිනම් එච්චරයි...බොරුවට ඔය ලබ්බෙ ලකුණක් වෙනුවෙන් මූඩ් එක කාගන්න ඕන නෑනෙ...එක අතකට මුන් ටිකට අකමැත්තෙන් උනත් පාඩම් කරලා ලකුණු ගන්න වෙනව..ඒක සාධාරණයි...ගෙවල්වලින් ලකුණු ගන්න  force කරනව..ඒ නිසා මුන් නැති stress එකක් හදන් ගෙදරට පේන්න ලකුණු ගන්න try කරනව...

අනිත් උන් කෙසේවෙතත් මහීෂ්...ඇත්තටම ඌ මේ ටිකේ පොතේම ඇලිලා ඉන්නෙ ඇයි කියන්න මන් හොඳටම දන්නව...අනිත් අයට වඩා එයාට ගෙදරින් හෙන pressure එකක් දෙනවා..ආන්ටියි අන්කලුයි දෙන්නා උට ආදරෙයි තමා...ඒත් එයාලා හිතන් ඉන්නෙ ජීවිතේ කියන්නෙ ඉගෙනගන්න එකයි ලකුණු ගන්න එකයි කියලා..ඉගෙනගන්න එක හරියි කියමු..ලකුණු??? ඒක කොහොමද ජීවිතේ වෙන්නෙ ප# theory තමා ඒවා...මහීෂ්ගෙ අම්මා..ආන්ටි කොහොමත් උනන්දුයි ලකුණු ගැන...හැම ටර්ම් ටෙස්ට් එකකදිම ලකුණු දෙන දවසක මන් එහෙ ගියොත් මන් අහගෙන අපේ එකාගෙන් සැරෙන් සැරේට ලකුණු අහනව...මාරුවෙන් මාරුවට මගෙ ලකුණුත් අහනව...ඌ scholar කෙනෙක් නිසා කොහොමත් ගෙදරින් ඌව ලෑස්ති කරන්නෙ තරගෙටම තමා...

1'st Person~ || TK nonfiction ||Where stories live. Discover now