අලුත් දවසක්...අලුත් සතියක්...අලුත් වාරෙකට...ඇත්තටම කිවුවොත් අලුත් ශ්‍රේණියකට උපරිම සති දෙක තුනක්...ඉතින් මේ කට්ටිය එකතුවෙලා වෙනම දෙයක් ප්ලෑන් කරන ගමනුයි ඉන්නෙ...
" යකෝ...! බෝතලේට එහෙම හිල් විදින්න බැහැ ඕයි...තේරුම් ගනින්කො...!"
" කවුද යකෝ එහෙම බැහැයි කියන්නෙ...මන් ඊයෙත් ටික් ටොක් එකේ දැක්කා...අනික ඒකතමා මචන් මේ කාලෙ ට්‍රෙන්ඩ් එක..."
" කරන්න පුලුවන් තමා...ඒ උනාට කොහොමද මෙහෙදි කරන්නෙ...දන්නවනෙ සෙක්ශනල් හෙඩ්ගෙ හැටි..."
" අනේ මේ යුගී-"
" නැහැ ඉතින් යසිරු කියන එක හරිනෙ...අනික ඕව අපිට මෙහෙන් එළියෙ තැනක කරගන්න පුලුවන්නෙ නිදහසේ..."
" අනේ ප#... මට හිල් විදින්න ඕනේ..!!!"
" කෑගහන්න එපා හු#තො...යකෝ...පන්තියෙම එවුන් අපි දිහා බැලුවා හෙන අමුතු විදියට..."
" අනේ උන්ට හු-නටාගන්න කියපන්...ඒකනෙවේ...දැන් උබ ගෙනාවද කෝක් බෝතලේ..."
" ඔව්...ඔය ගෙනල්ලා තියෙන්නෙ ගමකටම බොන්න..."
" ලියෝ බ්‍රෝ...උබ මොනාද ගෙනාවෙ...!"
" මන් ගෙනාවා වැලක්..."
" මොකක්..!!!"
" ලියෝ???"
" pebbles වැලක්..ඇයි..???"
" හු-නටනවනෙ..! හරි..ඒකනෙවේ...පන්ති කඩනව කියන්නෙ අපි හැමෝම ආපහු බෙදෙනව නේහ්..!"
" මොන ලබ්බක්ද මන්දා බන්...හු#ත...අපි හොඳ සෙට් එකක් හදාගත්තා විතරයි...මාසයක් දෙකක් ගියේ නැහැ තව පන්ති කඩනවත් එක්ක...!"
කට්ටියගෙම තිබ්බ හොඳ මූඩ් එක නැතිවෙලාම ගියේ රුහාන් පන්ති කඩන සීන් එක මතක් කළාට පස්සෙ...මෙච්චර ඉඳලා ඉඳලා කට්ටිය හොඳටම ෆිට් උන ගමන්ම ආපහු පන්ති කඩන එකටනම් කවුරුත්ම කැමති උනේ නැහැ...
" අද කියනව නේද අපි වැටෙන පන්තිය..."
" කොහොමද අපි හයදෙනා පන්ති හයකට වැටුණම තියන සැප..."
" මොන කැ# කතාවක්ද යකෝ ඒ කිවුවෙ..."
" දැන් අපි කොහොමත් දන්නවනෙ පන්ති කඩනව කියලා...ප#ක් කරන්නැතුව අද අමතක නොවෙන ක්ලාස් පාර්ටි එකක් දාන විදිය කල්පනා කරපන්..!"
YOU ARE READING
1'st Person~ || TK nonfiction ||
Non-Fiction" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනිය වෙන එක ලේසි නැහැ ඉවෝන්...ඒත් උඹ ඒක කළා...." 🥀