~20~

135 21 102
                                    

ඊයෙ රෑ ඉවෝන්ලගෙ ගෙදරට යද්දි රෑ නවයට වගේ ඇති...මහන්සියටම මට ඇඳට වැටිච්ච ගමන්ම නින්ද ගිහිල්ලා...අර යකා මාව ඇහැරුවෙවත් නෑ..! මට අවුල් අවුල් වගේ...මොනා උනත් මේක පිට තැනක්..මන් මගෙ කාමරේ ඔහේ ගෙවන ජීවිතේ වගේ නෙවේ...මේ ගෙදර මිනිස්සු මන් වගේ නෙවේ හරි පිළිවෙළයි...ඉවෝනුත් ඇතුළුව....
මට ආපහු මැදින් පාන්දර එකට දෙකට වගේ කිට්ටු වෙන්න ඇහැරුණා..නිකම් මාව මොහොකට හරි හිරවෙලා වගේ තේරුණ නිසා මන් නිකමට වගේ එහා පැත්ත බැලුවා...එතකොටයි මට හිතුණෙ මන් මෙච්චර වෙලා ජීවතුන් අතර ඉන්නව පුදුමයි කියලා...මේ යකා ඉඳන් බූවල්ලා වගේ අත් කකුළ් ඔක්කොම මගෙ ඇඟ උඩින් දාන්...පුදුමයි හුස්ම හිරවෙලා මැරුන්නෑ...රෙද්ද..! තාම නිකම් ඇඟ තැලිලා වගේ...ගොන් බූරුව..! පස්සෙ කොහොමහරි උගෙ අඬු ටික ගලවගෙන මන් ගියා වොෂ් රූම් එකට වොෂ් එකක් දාගන්න...මහ රෑ තමා...ඒ උනාට ඉතින් නින්ද යන්නැති සීන් එකකුත් තියෙනවනෙ දාඩියේ...ඉවෝන්නම් වොෂ් එකක් දාන් හිටියෙ..යකෝ මූ නිකමට මට ඇහැරවපන් රෙද්ද..! පස්සෙ මන් වොෂ් එකක් දාන් ඇඳුම් එහෙමත් මාරු කරන් එනකොට නිදන් හිටිය එකා අතුරුදහන්...අතුරුදහන් කිවුවෙ ඌ ඇඳේ හිටියෙ නෑ...කාමරෙත් නෑ...හිටියනම් මට පේනවනෙ...පස්සෙ මන් දැක්කා බැල්කනි එක ගාව මොකෙක් හරි යනවා යනවා වගේ...මේ යකා මේ රෑ බැල්කනි එකට වෙලා මොකද්ද කරන්නෙ කියල බලන්න ගියාම හිටියෙ ඌ නෙවේ ඒකගෙ බලු තඩියා...බලු තඩියා කිවුවට එච්චරටම තඩිත් නෑ ඒකා...golden retriever black version එකේ එක්කෙනෙක්...තාම අවුරුදු දෙකලු...ඒ උනාට හෙන උසයි ඌ...නම චාර්ලි...මූව දකින දකින සැරේට මට කොළයක් හතරට බෙදල යස් නෝ ලියල පැන්සල කරකවලා චාලි හොයන භූත සෙල්ලමමයි මතක් වෙන්නෙ...

මූ යකෝ ..! මන් දිහා ටික වෙලාවක් දිවත් එලියට දාන් බලන් ඉඳලා මගෙ ඇඟට පැන්නා...එතකොටම තව එකෙක් මතුවුනා හද්ද කොනක ඉඳන්...මන් ඒත් බැලුව මෙයා මොකෝ නැත්තෙ කියල...වෙන කවුද ඉවෝන්ගෙ පූස් තඩියා...සොරි තඩිච්චි...කියෝරා..පර්සියන් අලු පාට පූසියෙක්...අර යකා කියන්නෙ නම් කියෝ කියලා...එක දිගට කියෝ කියෝ කියෝ ගාද්දි තමා..ඌ උට දාන්න පුලුවන් සර්කස් වැඩ කෑලි ඔක්කොම දානව...
මේකත් පැන්නා ඒ පාර මගෙ ඇඟට..මුන්ට මාව පේන්න බැහැ...මෙහෙ ආවත් හරි කොයිවෙලෙත් ඇඟට පනින එකමයි කරන්නෙ...
ඒ දෙන්නව ටිකක් වෙලා හුරතල් කර කර ඉඳලා මන් එයාලව ටිකක් ඈත් කරන් නැගිටන් ගියේ මුන්ගෙ මහ එකා හොයන්...මේ මහ රෑ කොහෙ අතුරුදහන් වෙලාද කියල බලන්න ඌ...
පහළට ගිහින් බලද්දි මට කුස්සිය පැත්තෙ ටකරන් වදිනව වගේ සද්දයක් ඇහුනා..බැලිත්නම් අර යකා මේ යක්කු ගස් නගින වෙලාවෙ කොෆී හදනව...
මාත් ගියා ඉතින් ඒක අස්සට...ආපු එකේ මූව දැක දැක ආපහු කාමරේට යන්නත් බෑනෙ...ඔක්කොමත් හරි චාර්ලිගෙ සද්දෙ...ඌ ඇවිල්ලා බුරන්න ගත්තා පස්සෙ අපිව දැක්කම සයිලන්ස් උනා..ඇයි ඉතින් ඌ සාධාරණයි...අර යකා කොෆී හදනව කෙසේවෙතත් ටකරන් සද්ද දානවනෙ...ඒකට අරූ බුරන්න ඇත්තෙ...පස්සෙ ඉතින් ඒකා කොෆී එක හදලා ඉවරවෙනකම් මන් එතනට වෙලා කියෝ චාර්ලි දෙන්නා එක්ක සෙල්ලමක් දාන් හිටියා..අන්තිමට නිකම් කොෆී එකකුත් හම්බුනා...මොනා උනත් ඒක මාර රහයි...එදා උණ විකාරෙන් බිවුවට වඩා අද හොඳට තේරුණා ඒක...

1'st Person~ || TK nonfiction ||Where stories live. Discover now