@Maheesh's pov
ඊයේ රෑ මන් දෙකටයි දෙකහමාරටයි දෙකයි හතළිස් පහටයි පෝළිමට එලාම් තියාගෙන ගිය හින්දා හොඳට ගියා..ඒ අස්සෙ ඒ එලාර්ම් මැද්දෙන් අම්මා ඇවිල්ල එයාගෙ පාර්ට් එකත් කළාම කොහොමත් නින්දක් නෑ..තුනට විතර ගානට මන් ඇහැරුනා..හතළිස් පහට මෙහෙන් ගියාට ඇතිනෙ..ඔක්කොමත් හරි අර සුනඛයා ලෑස්ති වෙන්න තියා අඩුම නැඟිටලද දන්නෑ...මන් නොදන්නව ඈ ඕකගෙ හැටි..සැක්..සිරාවට තාම නිදිද දන්නෑ..කෝල් එකක් අරන් බලන්න ඕන..මන් හිතුවෙ දෙතුන් පාරක් ගන්න වෙයි කියලා..මෙන්න යකෝ මූ පළවෙනි රින්ග් එකෙන්ම ආන්ස්වර් කළා..ඒ කියන්නෙ මූ මටත්කළින් ඇහැරිලා...
" අඩෝ..ගුඩ් මෝනින්..."
" මෝනින් මෝනින්.."
" අපෝ මොකක්ද භල්ලො..උදේ පාන්දර ගුඩ් මෝනින් කිවුවම අනිත් පැත්තට ඒකම කියන්න පුරුදු වෙනවකො..."
" මන් තියන්නම්..ලෑස්තිවෙන්න එපැයි..මේ තුනයි හතළිස් පහට වගේ ඔහෙට ආවම ඇතිනෙ..."
" ඔව් ඔව්..හරියට වෙලාවට වරෙන්..නැත්තන් උබව දාලා යනව.."
" ඔය කිවුවට තෝ යයි එහෙම මාව දාලා..මේ මන් තියනව..උබත් පලයන් ලෑස්තිවෙන්න..නැත්තන් මට වෙන්නෙ උබලගෙ ගේට්ටුව ඉස්සරහට වෙලා අර මොකාද එකා වගේ හිටන් ඉන්න තමා.."
පස්සෙ ඌ ෆෝන් එක තිබ්බට පස්සෙ මාත් ගිහින් ලෑස්තිවෙලා ආවා..රුහානයත් වෙලාවටම ආව නිසා අපිට වෙලාවටත් කළින් ඉස්කෝලෙට යන්න පුලුවන් උනා..අපි යද්දි හතරහමාරයි..ළමයි දෙතුන් දෙනයි හිටියෙ අපි ඇරුණම..විහසුත් තාම ඇවිත් නෑ...හ්ම්ම්..තාම තේව් අයියත් නෑ ආකාෂ් අයියත් නෑ..
" ඇයි බන් අපි මෙච්චර උදෙන් ආවෙ..ලබ්බ..! තාම එකෙක්වත් නෑනෙ.."
" එයි එයි බන්..කොහොමත් පහට කළින් යන එවුන් ඔක්කොටම එන්න වෙනවනෙ..."
අපි දෙන්නට විහස් එනකම් කරන්න වෙන වැඩකුත් නැති හින්දා දෙන්නා එක්ක ගියා අපේ ජාතික ඕක් ගහ යටට කයියක් ගගහ ඉන්න..ටික වෙලාවක් යද්දි නිකම් ලාවට ලාවට වගේ පෙනුනා කොළ පාට ටීශර්ට් ඇඳගත්ත ගරා යක්කු වගේ වුන් තුන්දෙනෙක් අපි දිහාවට ඇවිදගෙන එනව..මුන් තුන්දෙනා කොහෙන්ද සෙට් උනේ..අනික මේ පගයා මොකටද මේ මාස්ක් දාන් ඉන්නෙ..! උදේ පාන්දර ගරා යකෙක් වගේ..පස්සෙ මූ මාස්ක් එක ගළවන් සාක්කුවෙ ඔබාගත්තා..මහ මොකෙක්ද මන්දා..
YOU ARE READING
1'st Person~ || TK nonfiction ||
Non-Fiction" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනිය වෙන එක ලේසි නැහැ ඉවෝන්...ඒත් උඹ ඒක කළා...." 🥀