~3~

264 35 121
                                    

මායි මහියයි ක්ලාස් එකට එද්දි අපේ යුගියා මොකද්දෝ මන්දා පොතක් කියව කියව ඉන්නවා..ඒකත් තව හඳුනානොගත් බුවෙක් එක්ක කියව කියව..කවුද යකෝ ඒ..මීට කළින් දැකලා නැහැනෙ මන් එහෙම එකෙක්ව..මාස්ක් හිටන් දාලා..යකෝ දැන් කොරෝනා ඉවරවෙලා කොයි කාලෙද කියහන්කො..අර හඳුනා නොගත් ජීවියා ටිකකින් එතනින් ගියා..ඌ ගියාට පස්සෙ ආපහු පගයා පොත ගත්තා කියවන්න..අනේ මන්දා මූත් ඉතින් වෙලාවකට..යන්තන් අපි දෙන්නා එනව දැකලා මූ පොත පැත්තකින් තියලා අපේ දිහාවට හැරුණා...

" යසයි එන වෙලාව උබලා..!"

" බලහන්කො බන්..බස් එක හිටුනනෙ..අපිට ඉතින් උබලට වගේ නෙවේනෙ බන්..අර කට්ටෙ එන්නත් ඕන..ඒකට මොනාහරි ලබ්බක් උනොත් අපිත් විනාසයි..."

" අනේ පලයන් යන්න බොරු නොකියා..උබලා මාව තම්බන්න ලෑස්තිවෙන්න එපා..අද අතුගාන්න තියෙන නිසානෙ හතරවටේ ඇවිද්දෙ...බස් එක කැඩුනානම් අර එහාන් අයියා ඇවිත් හිටියෙ රොකට් එකෙන්ද දන්නැහැ නේද..."

ඔය කොරල තියෙන්නෙ..ඌත් මොකක්ද ප්‍රදර්ශන භාණ්ඩෙ වගේ හතරවටේ ගිහින් කරල තියෙන්නෙ..අනේ යුගියෝ..වරදක් කළත් සිතකින් නෙවේ සප්තරනේ..අතුගාන එක මහ එපා කරපු වැඩක් දෙයියෝ...!

" සොරි බොම්ක...දන්නවනෙ අපි ඔය cleaning chart සම්බන්ධ subject එකේ නැහැ කියලා..!"

" ඒකනෙවේ කවුද ඕයි අර මෙතන ඉඳන් ගිය එකා..කළින් එහෙම පොරක් දැකලා නැහැනෙ අපි..!"

" ඌ ඉන්ග්ලන්ඩ් ඉඳන් බන් ඇවිත් තියෙන්නෙ..මෙහෙ තාත්තා සර් කෙනෙක්...ඒලෙවල් සෙක්ශන් එකේ..."

" අඩෝ අඩෝ...එහෙමත් සීන් එකක්ද..ගොඩ සුද්දෙක් වගේ ඇති එහෙනම්.."

" එහෙම නැහැ ඌ හෙන හොඳ පාටයි.."

" අඩෝ සිරාවට..හාකො...මේහ්...මැත්ස් පොත දීපන් හෝම්වර්ක් ටික ලියාගන්න..!"

" උබලා මොනාද බන් ගෙදරට වෙලා කරන්නෙ..! ඊයෙ ඉන්ස්ටා එකේ දාගෙන පිස්සු නට නට හිටිය වෙලාවෙ ඕක කරන්න තිබ්බනෙ..! අනික ගණන් කියන්නෙ එහෙම කොපි කරලා කරන්න පුලුවන් එකක් නෙවේ-"

ඌ රැප් එක වගේ එක දිගට කියවගෙන කියවගෙන යද්දි මහියා උගේ බෑග් එකෙන් මෙච්චර වෙලා හොයපු ගණන් පොත අරගෙන නිධානයක් අහුළගත්තා වගේ මූඩ් එකකින් මන් ගාවට ආවා..පිස්සු පගයා..

1'st Person~ || TK nonfiction ||Tempat cerita menjadi hidup. Temukan sekarang