~8~

205 27 92
                                    

@Maheesh's pov

අදට සතියක්..මගෙ උපන්දිනෙන් පස්සෙ සතියක්ම ගෙවිලා ගියේ හිතාගන්න බැරි තරම් වේගෙකින්..තේව් අයියා එදා දීපු පොත..ඒක දැන් මන් කියවලා ඉවර කළා..හරියටම ඊයෙ රෑ..දැන් පොත කියවලා කොහොමද ඒක කියලා එයාට කියන්න කිවුවට මොකෝ දැන් ඒ මනුස්සයව අල්ලගන්නවත් බෑ..පෙරේදනෙ ප්‍රිෆෙක්ට් සෙරමනි එක තිබ්බෙ..ප්‍රිෆෙක්ට්ලා උන අලුත හින්දා ඒ මිනිස්සුන්ට හුස්මක්වත් ගන්න නෑ ඩියුටි දාලා..ඉස්සර ආතල් එකට ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න ඕන ඕන ගගා හිටියට අරුන් නැහෙන නැහිල්ල දැකලා ඔක්කො දැන් ඕනෙ නෑ කියලා හිතෙනව..මොනා උනත් රුහානයා කොයිවෙලෙත් කියන එක ඇත්ත..ඌ නම් කියන්නෙ පිනා උගෙ ඉස්සරහට ඇවිත් ප්‍රිෆෙක්ට් බැජ් එකක් දික් කරලා මෙන්න පුතේ කියලා දුන්නත් ඌනම් බාරගන්නෑලු ඒක ලොවෙත්..ඌ කියන්නෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ඕන්නෑ කියලනෙ..හු#ත තමා..මොනා උනත් ප්‍රිෆෙක්ට් කෙනෙක් උනාම තියෙන ඒ ගැම්ම..ඒක විඳලා නැත්තන් ආයෙ වැඩක් නැහැ...

" කේෂ්..."

ඉන්න!..ඔය නමින් කොහොමත් මට කතා කරන්නෙ එකම එක්කෙනයි..මන් පිටිපස්ස හැරිලා බලද්දි ඒ හිටියෙ මන් හිතාගෙන හිටිය රූපෙම තමයි..

" මොකද මෙතන තනියෙන් කරන්නෙ..කෝ යාලුවො."

" ආ..උන් ඉන්නව පන්තියෙ..මන් මේ රුහාන් එක්ක ආවෙ..ඌ කොමස් සෙක්ශන් එකට ගියා නිවේක් අයියට එයාගෙ පොත් වගයක්ද මොනාද මන්දා මගුලක් දෙන්න..."

මන් එහෙම කිවුවම තේව් අයියා ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන ඉඳලා මගෙ එහාපැත්තෙන් වාඩිවුනා..ඇත්තටම මට තේරුම් ගන්න අමාරුයි වෙනදා දැක්කත් ගණන් ගන්නැති..පොඩ්ඩ ඇත්නම් මාත් එක්ක එල්ලෙන්න හදපු..මන් මොක කිවුවත් ඊට හරහට කතා කරපු මනුස්සයා දැන් ටික දවසක ඉඳන් මෙහෙම වෙනස් උනේ ඇයි කියන එක..

" අරක කියෙවුවද..‍.?"

" හ්ම්ම්..ඔව්..ඊයෙ රෑ කියවල ඉවර කළේ..."

" මොනාද ඒක කියවනකොට හිතුණෙ..."

" මොනා හිතෙන්නද..මුල් ටිකේනම් මට මෙලෝ හසරක් තේරුන්නැහැ..ඇත්තටම ඒ පොත තේරුම් ගන්න අමාරුයි..ඔයත් එකයි ඔයා කියවන පොතුත් එකයි..දෙකම තේරුම්ගන්න අමාරුයි.."

1'st Person~ || TK nonfiction ||Where stories live. Discover now