අහ්..ඇත්තමයි...ඊයෙ ඉඳන් මේ මනුස්සයට මොකෙක් වැහිලද මන්දා...ඊයෙ රෑ එයා හැසිරුණ විදිය...ඇත්තටම ඒකනම් අනේ මන්දා...එයා හරි සිහියෙන් නෙවේ වගේ හිටියේ...ඒකනෙ එවෙලෙ ඉඳන් නිකම් මාව දැක්කත් නිකම් මට මූන දෙන්නැතුව මාව නොදැක්ක ගානට ඉන්නෙ...අද උදේ උනත් ඉස්කෝලෙ යද්දි පවා මාත් එක්ක වචන දෙක තුනකට වැඩිය කතා කළේ නැහැ ඔය යකා..! ආයිශ්..
මට ඒක ප්රශ්නයක් නෙවේ...ඒ උනාට ඇයි ඌ මාව එහෙම මඟ අරින්නෙ...එහෙම ඕන්නැහැනෙ...මේ ටිකේම අපි මෙච්චර ළඟින් ආශ්රය කරලා ආපහු මේකා පරණ විදියට හැසිරෙන්න ගත්තම...වෙනදා ඒ විදිය ශේප් උනත්...අනේ මන්දා...
දැන් මට එහෙම අවුල්...! ඌ කතා නොකර දැක්කෙ නෑ වගේ යද්දි ගිහින් කනට එකක් ගහන්න හිතෙනව ඇත්තමයි...ඇයි යකෝ...නිකම් මන් ඊයෙ රෑ පිස්සුවක් නැටුවා වගේනෙ මූ මේ හැසිරෙන්නෙ...හරිනම් මන් නෙවේද එහෙම හැසිරෙන්න ඕන...රෙද්ද..!
මට මූත් එක්ක කේන්තියි අප්පා..!
මේ දැන් උනත් මූ මාත් එක්ක ඇර අනිත් ඔක්කොම උන් එක්ක හොඳට කතා කරනවා...ඇත්තමයි ගිහිල්ල බෙල්ල මිරිකල දාන්න හිතෙනව..." රුහාන්..! මොන ලෝකෙද හු#තො ඉන්නෙ..?? "
" අහ්..?"
" ඔව් යකෝ...මේ යකා ඉන්නෙ වෙනමම ලෝකෙක...ප#.."
" අහපන්...කීයටද බන් ගෙදර මිනිස්සුන්ව එක්කන් එන්න කිවුවෙ..??"
" දෙක වෙද්දි බන්...උබටනම් මොකෝ..උබේ ගෙදර මිනිස්සු දැන් රටෙත් නෑනෙ...යකෝ අපි ගැන හිතපන්...කොහොමද යකෝ ගෙදරට වෙලා කනක් ඇහිලා ඉන්නෙ..."
" ඒවට කියන්නෙ පින කියල මචන්..."
" ඒකනම් පේනවා...ඒක නෙවේ...අභිෂේක්ලත් මෙහෙ එනව කියල ආරංචියක් ආවා..."
" මොහ්..?? ඒ මොකද ඒ ප#යා මෙහෙ එන්නෙ..!??"
" මන් හිතන්නෙ කේස් එකට සම්බන්ධ ඔක්කොම එකට ගෙන්නනව.."
" සම්බන්ධ ඔක්කොම???"
" ඔව් ඔව්...එහෙම කතාවක් තමයි යන්නෙ..."
යකෝ...ඔක්කොමල ගෙන්නනව කියන්නෙ...එතකොට තිනූ තෙවන්යා...උන් දෙන්නවත් ගෙන්නයිද..?? එතකොට කවුද අර එහාන් අයියලගෙ යාලුවා...එයාවත් ගෙන්නයිද..??
ඔක්කොමත් හරි...මේ මිනිහා මාව නිකම් දන්නැහැ වගේ හැසිරෙන එක තමයි...හු#තක්නෙ...
YOU ARE READING
1'st Person~ || TK nonfiction ||
Non-Fiction" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනිය වෙන එක ලේසි නැහැ ඉවෝන්...ඒත් උඹ ඒක කළා...." 🥀