"නිකූ...."
....
"ඕයි බූරු දෙන..."
"..."
"ඕයි බූරුවෝ..."
"මොකෝ බං මොකෝ...."
"අර චූටි එකී බලං ඉන්නවා..."
"ඉතිං..."
"මොකද් දන් නෑ..."
"මොක වුණත් උඹට මොකො...බබා නං බබා වගේ ඉඳපං චීත්තෙ නොවී..."
"මේකි බලහංකො..."
මගෙ ඔලුවටත් එකක් ගහපු බබා නැගිටලා පිටිපස්සට ගියා....මං ඒකා කියන්නත් කලිම්ම දැක්කා හසංගනා බලං ඉන්නවා...ඒත් එයා එක්ක කතා කරන්න තරම් හොඳ තත්වෙක මම නෑ...මට ටිකක් තනියම ඉන්න ඕන කලා....මං සීට් එකට ඔලුව තියන් ඇස් පියා ගත්තා.....
"මියුරු...."
අපි හිටියෙ හවස එන ගමන් කඩුගන්නාව හරියෙ කඩයක් ගාව කෑම ගන්න නවත්තලා...මං උන්නෙ ප්ලෝන්ටියක් අරං ඒක බිබී...ඒ කඩේ ගාව පාරෙන් අනිත් පැත්තෙ තිබ්බෙ හෙල...උස ගස් අස්සෙ අතරමං වෙලා තිබ්බ මගෙ ඇස් ආපහු මං ගාවට ආවෙ හීන් කටහඬක් එක්ක....මං හැරිලා බැලුවා....මගේ ටී ශර්ට් එකේ කොනක් ඇඟිලි වලින් අල්ලගෙන පූසෙක්ගෙ වගේ ඇස් බෝල ලොකු කරං බලාගෙන උන්නෙ හසංගනා..
මං එයා දිහා බලාගෙන දුම් දාන තේ උගුරක් උගුරෙන් පහළට යැව්වා....
"තරහද මං එක්ක...?"
ආයෙම හුරතලේට අහද්දි තරහ වුණත් තරහා වෙලා ඉන්න බෑ ඉතිං....
"ඇයි මං තරහ වෙන්නෙ...?"
මං අහද්දි මුකුත් නොකිව්ව කෙල්ල අහක බලං කල්පනා කරන්න ගත්තා...මං ඒ මූණෙං මිදිලා ඉස්සසරහට හැරුණා...
"කලිං වෙච්ච දේ නිසා හසංගනාගෙ හිත රිදුනද..?"
"නෑ...දුක හිතුනා..."
"ඉතිං දුක හිතුනෙ හිත රිදුන නිසා නෙවෙද...?"
"නෑ දුක හිතුන නිසානෙ.."
"හ්ම් සමාවෙන්න හසංගනාට දුක හිතෙව්වට..."
හසංගනා මං දිහා බලලා කලිං වගේම හිනා වුනා..ඒ ඇස් හරි අවංකයි....අහිංසකයි...කොයි ලෝකෙන් ආවද මංදා මේ තරම් ලෝභ හිතවන කෙල්ලෙක්....මං ඒ හිස උඩින් අතක් තියලා නළල ලඟ ඉඳලා පිටිපස්සට පිරිමදිද්දි ඒ ඇස් පිය වුනා....
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...