"කෝ මෙහෙ එන්න...ඔය ඇති කල්පනා කරා..."
ගෙදර ඇවිල්ලත් සාලෙ පුටුවකට වෙලා පැත්තක් බලං ඉන්න එයාට මං කිව්වෙ...අද අම්මලාත් ගෙදර නෑ...අම්මා ගිහින් පොඩි නැන්දා බලන්න.... බබා එද්දි කොහොමත් හත විතර වෙයි....මං හසංගනාගෙ අතිං අල්ලලා නැගිට්ටවලා මගෙ ලඟට ගද්දි එයා ඇස් උස්සලා මං දිහා බලං හිටියා...මං එයාව ඉන වටෙං අල්ලලා මගෙ ඇඟට බර කර ගන්න ගමං බිත්තියකට හේත්තු වුණා....
"ඔයා මෙහෙම කල්පනා කරා කියලා කිසිම දේකට විසඳුම් ලැබෙන් නෑ වස්තු...එහෙම ලැබෙන්න මේක කැල්කියුලේශන් එකක් නෙවේ...මුලිම්ම මේ හිතයි ඇසුයි මහන්සි කරන එක නවත්තමු හරිද.."
මං නිදහස් අතිං එයාගෙ නළල ගාව ඉඳලා කොණ්ඩෙ පස්සට පිරිමදින ගමන් කියද්දි එයා ඇස් වහන් ඉඳලා එහෙමම මගෙ පපුවට ඔලුව බර කරා...එකට ගුලි වෙච්ච අත් වලිං මං ඇඳං උන්න ඔෆිස් බ්ලව්ස් එක ගුලි කරං එයා බර හුස්මකින් පපුව සැහැල්ලු කර ගන්න හැටි මට දැනුණා...මං එයාව අත් දෙකෙම්ම ගුලි කරං ඒ ඉස්මූදුනට සැරින් සැරේ හාදු තිව්වා...
තාම අවුරුදු දහ අටක පොඩි කෙල්ලෙක්, මං හිතන හැටියට එයා තාම ආසයි අම්මා තාත්තගෙ ආදරේට....ඒක අඩුවෙම්ම ලබන කෙල්ලෙක් හැටියට එයා මං ලඟින් හොයන්නෙත් නිරාමිස ආදරයක්, සැනසීමක්, ඒක හරි අහිංසක හැඟීමක්....
මං ආයෙ සැරයක් ඒ සුවඳ ගහන කියඹු ලතාවක හාදුවක් තැවරුවා....හසංගනා මං දිහා බැලුවට මගෙං ඈත් වුන් නෑ...මගෙ දිහා දිලිසෙන ඇස් වලින් ඔහේ දිගටම බලං හිටියා....ඒ ඇස් වල කලිං තිබ්බ මලානික ගතිය යන්තමට මැකිලා ගිහිල්ලා....
ඒ නළලටත් හාද්දක් තියලා පියවෙන ඇස් දිහා බලං උන්න මං දෙපාරක් නොහිතම අකුරු ටිකක් එකතු කරලා හැඟීමක් වචන කරා....හොඳම වෙලාවද දන්නෙ නෑ,ඒත් මේක තමයි මගේ අවස්ථාව කියලා හිතුනා...
"ආදරෙයි...."
මගෙ එකම වචනයක් එක්ක හසංගනාගෙ මුවේ ලා හිනාවක් ඇඳිලා ගියා...මං ආපස්සට යමක් බලාපොරොත්තු නොවුනත්, එයා ආයෙම නිහඬව මගෙ පපුවෙ හැංගිලා යද්දි ජීවිතේ පළවෙනි වතාවට ආදරේ නාමෙන් හිත කොනක් සීරුණා....කලින් හසංගනා නිසා හිත රිදුණට වඩා ඒක වෙනස්....ආගන්තුක හැඟීමක්....
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...