"හසංගනා..."
මගෙ පපුව අස්සට ගුලි වෙලා උන්න කෙල්ලට මං කතා කරේ ඔලුව අතගාන ගමන්....එයාව එයාගෙ අම්මව බලන්න එක්ක යන්නෝනා....
හිමීට ඇස් ඇරලා කම්මැලිකමේ මං දිහා බලපු එයා තව චුට්ටක් තුරුල් වුණා..
"ගුම් මෝනිං මියූ...."
"නැගිටින්න දරුවො අපි ලේස්ති වෙමු..."
ඒ නළල ඉඹගෙනම කිව්ව මං එයාව උස්සලා අත් දෙකට අරං උකුලෙං තියා ගනිද්දි චුට්ටක් එහෙමම උන්න එයා ඇස් ලොකු කරං මං දිහා බෑලුවා...
"ඇ ඇයි...අපි කොහෙද යන්නෙ..?"
"යද්දි කියන්නං...හොඳ දරුවා වගේ ගිහින් වොශ් දාන් එන්නකො..."
ටවල් එක අරං එයාගෙ උරහිස් උඩින් දාලා මං එයාව බාත් රූම් එක ලඟටම තල්ලු කරං ගියා...
එයාට අම්මාට අමාරු වුණෙ ඊයෙ කියලා කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බෑ..එයාට දැං ඒක කිව්වොත් තරහ ගනියි..සර් දැං කෝල් කරලා එක්කං එන්න කියද්දිත් හසංගනා දිහා මට ඉබේම බැලුනා...මගෙ අත් අතරට වෙලා හාවියක් වගේ නිදං උන්න එයා හරි හුරතල් පාටයි...අහිංසකයි.... ඒත් ඕක කිව්වම සියලු හුරතල් ඉවරයි..
අපි ලේස්ති වෙලා කාලා එළියට එද්දි බබා වැඩට ගිහිල්ලත් ඉවරයි...මං ඔෆිස් එක පැත්තට යන්නත් එක්කම ලේස්ති වුණා...බයික් එක එළියට අරං ඔයිල් චෙක් කරලා බලලා ගෙවල් පල්ලෙහා සෙඩ් එකෙං තෙලුත් ගහන් මං හසංගනා එක්ක හොස්පිට්ල් එන්න ආවා....හොස්පිට්ල් එක ඉස්සරහ නවතිද්දි හසංගනා මාව අල්ලං උන්න අත් වල නියපොතු මගෙ උරහිස් වලට තදට දැනුනා...මං දිහා රවාගෙන වගේ බලපු එයා හෙල්මට් එක කලබලේට ගලවන්න ගත්තා...
"හසංගනා, ඔයාගෙ අම්මව-"
මං කියන්න ගිය දේත් නාහ එයා බයික් එකෙං බැහැලා නවතින් නැතුවම ඇතුලට දූවද්දි මං බයික් එක දාලා එයාගෙ පස්සෙන් දුවන් ආවා...රෙසිප්ෂන් එක ගාව උන්න හසංගනා මං එද්දිම දුවලා ගිහින් ලිෆ්ට් එකට ඇතුල් වුණා වෙද්දි පඩිපෙලේම මාත් උඩට දුවන් ආවා...මං හොස්පිට්ල් රූම් එක ගාවට යනකොටත් හසංගනා දුවගෙන ගිහින් ඇතුලට කඩාගෙන බිඳගෙන යන හැටි මං දැක්කා...
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...