"කවදාවත් වේලාසනක යන්නෙ නෑ මේ ළමයා...කොච්චර උදෙන් නැගිට්ටත් ඔච්චර තමයි..."මං අම්මා කවන කවන බත් කටට කට ඇර ඇර දුවන ගමන් ලේස්ති වුණා....වෙලාව අටයි තිස් පහයි....ඔෆිස් එකට නවය වෙද්දි යන්නෝනා....අද වේලාසනින් නැගිටලත් මෙච්චර මේ පරක්කු.....ඒකයි ඔය අම්මත් කෑ ගහන්නෙ...මොනා කරන්නද ඉතිං..හිතලා කලායෑ....
"හරි ගිහිං එන්නං... පරිස්සමින් ඉන්න මං එනකං "
අම්මගෙ නලළටත් හාද්දක් තියලා මං ඔෆිස් එන්න එළියට බැස්සා...බයික් එකෙං විනාඩි පහේ ගමන ඉතිං....මං යතුර දාලා බයික් එක ස්ටාට් කරා....
මියුරු නිකේශලා....ඒ තමයි මම....අම්මා එක්ක තනියම ජීවත් වෙන සාමාන්‍ය පවුලක සාමාන්‍ය මනුස්සයෙක්....ආදර කතා , පෙම් හසුන් ප්‍රතික්ෂේපිත ජීවිතයක් අරං යන, ටවුන් එකේ පිළිගත්ත ආයතනෙක සැළකිය යුතු වැටුපක් ගන්න රස්සාවක් කරං යන පාඩුවෙ ඉන්න කෙනෙක්...
ටවුන් එක මැද හතරමං හන්දියෙ තට්ටු තුනේ බිල්ඩින් එකක උඩම තට්ටුවෙ තමයි මං කාලෙ ගෙවන්නෙ....මේක මහා පරිමාණෙන්ම කරන් යන ශොපින් මෝල් එකක්.....අයියලා මල්ලිලා කිහිප දෙන්නෙක්ට අයිති ලොකු බිස්නස් එකක්....මේ ශොපින් මෝල් එක එක්ක,තව එළවලු බිස්නස්,හොටෙල් එකක් ඇරුණම ටවුන් එකේ අනිත් පැත්තෙත් මේ වගේම තව ශොපින් මෝල් එකක් එක්ක සුප මාකට් එකකුත් මෙයාලට අයිතියි.... සෙනල්ක දළුගොඩ කියන්නෙ, අයියලා මල්ලිලා ගෙන් බාලයා.... මං ඉන්න සෙක්ෂන් එකේ හෙඩ්.....මං, එහෙම නැත්තං මියුරු තමයි එයාගෙ ඇසිස්ටන්....ඒකත් මරු..... ඩයල් එක මැරි කරලා බබාලා තුන් දෙනෙක් ඉන්නවා...මං ජොබ් එකට ඇවිත් දැනට අවුරුදු තුනක්.....ඒක නිසා පොරට මාව ශූවර් කියලා කියන්න පුලූවන් තරමට තැනක් මං හදාගෙන තිබ්බා.....
ලේසි නෑ,වැඩ කරන්න ගත්තම වැඩම තමයි.....මං ඔෆිස් එකේ හැමදේම ගැන බලන්න ඕනා නිසා,පොඩිම දෙයක් හරි මිස් වුනොත් ඒකෙ වගකීමත් එන්නෙ මට නිසා, මේක සෑහෙන්න කට්ටක් කන්න ඕන රස්සාවක්....ඒත් ඉතිං කරගෙන යනවා....ජීවිතේ කියන්නෙම එක්තරා කට්ටක්නෙ....
"නෑ නෑ ඔයා කාගිල්ස් එක ඉස්සරහ ඉන්නකො සාවී...මගෙ ඔෆිස් එකේ වැඩ කරන ළමයා එයි ඔයාව ගන්න..."
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...