20

94 21 6
                                    

"ම්...හ්ම්...."

ඉර එළිය මූණට වැටිලා බාධා කරන්න ගද්දි අත් දෙක දෙපැත්තට විහිදුවලා අල්ප දයන්න වගේ කැරකිලා මං හිරි අරින්න ගත්තා...කාලෙකට පස්සෙ සනීපෙට නින්ද ගියා.... එහෙම හිතද්දී මට එක පාරටම මතක් වුණෙ හසංගනාව......අද මං එයාට මගෙ හැඟීම් ගැන කිව්වොත්..

අපි ඊයෙ හැරෙන්න බැරි තැනකට ගියා ...ආයෙ කවදාවත් මට බෑ එයා දිහා යාලුවෙක්,හිතවතෙක් දිහා බලන විදියට බලන්...ඒ හැඟීම ගැන, ඒකෙ අයිතිකාරි වුණ එයාට මං නොකිව්වොත් ඒක අසාධාරණයි...මං ඇස් පියංම හසංගනා ඉන්න පැත්තට අත යැව්වා....ඒත්,

මගෙ අනිත් පැත්ත හිස්...එතන සීතලයි....එයා නැගිටලා ගොඩක් වෙලා...

මං ඇස් ඇරලා කෙලිම්ම බිත්තියෙ තියන ඔරලෝසුව බැලුවා...වෙලාව නවයයි...අද මං මේ වෙලාවෙ ඉන්නොන හරි නං ඔෆිස් එකේ...නෙට් එකත් අකුලන් ඇඳෙං පැනලා මං දිව්වෙ කුස්සියට....

"අම්මා...අම්මා ඇ-"

මං උලුඅස්ස ලඟ නැවතෙද්දි අම්මා හැරිලා බැලුවා...එයා දැනුයි උයන්නෙ...එතකොට අද ඉරිදවත්ද,මට වැරදිලාද...?

"අන්න සර් ඇවිත් අර දරුවාව එක්ක ගියා සුදූ....ඔයාට අද ගෙදර ඉන්න දෙන්න කිව්වා..."

"මොකක්..? මට නොකියම..? මෙහෙම හදිස්සියෙම..?

-එයා ගියාද...?"

"ඒ ළමයගෙ අම්මා අසනීපෙන් ඉස්පිරිතාලෙ නැවැත්තුවාලු...ඒකලු ඊයෙ එන්න පරක්කු වුණෙත්.."

මං අම්මා කිව්ව එක ඔලූවට ප්‍රොසෙස් කර ගන්න මහන්සි වෙන ගමන් කාමරේට ආවා...එතකොටයි දැක්කෙ බිත්තිය අයිනෙ හසංගනා නිදා ගත්ත කොට්ටෙ උඩ හතරට නවපු කොලයක්...දෙයියනේ මගෙ ෆෝන් නම්බර් එක තියෙද්දි ඇයි කොලයක්..?

"හදිස්සියෙම යන්න වුණාට සමාවෙන්න..."

එච්චරයි....ඒෆෝ සයිස් කොලේක වචන හතරක්...පාලූවක් දැනෙද්දි මං ඇඳට වැටුණා...එයාගෙ සුවඳ සීතල ඇතිරිල්ලෙනුත් දැනුණා...පපුව පුරවලා හුස්මක් අරං මං ඇස් පියා ගත්තා.....

*******

"ඕයි නැගිටපං නිකුවා...උඹ වැඩට යන් නැද්ද...?"

මළ පාන්දර බෙරිහන් දුන්න බබාගෙ ටකරං වොයිස් එකට මං ඇහැරගත්තා....ඇස් වලට වැලි ගහලා වගේ...ඊයෙ රෑ පුංචාව ඇරලලා එද්දි පොඩ්ඩක් පරක්කු වුණා.....බබාට තනියම ගිහින් එන්න බැරි වුණානෙ මං නැතුව...මූ එන්න එන්න බබා වෙන්න එනවා...බබා නෙවෙ දැං දොන්ත බභක්කා....ඉතිං නිදිමතයි...

හසංගනා (Still Ongoing)Where stories live. Discover now