19

141 24 17
                                    

"ඔය දරුවා එක්ක කන්න එන්න සුදූ...."

"මේ එනෝව්...."

එළියෙ වැරැන්ඩා එකේ කණුවක් බදං කල්පනා කර කර හිටපු හසංගනා ලඟට ගිහිං මං ඒ අතක් අල්ලා ගත්තා....

"යමු කන්න..."

"බාප්පලා තාම නැත්තෙ ඇයි දන්නෑ මියූ..."

ඒ ඇස් බලං ඉන්නෙ පාර දිහා....මං ඒ උරහිස් වලිං අල්ලලා මගෙ පැත්තට හරවා ගත්තා....

"කෝල් කරාද..?"

"ෆෝන් එක ගන් නෑනෙ..."

මං සාක්කුවට අත දාලා මගෙ ෆෝන් එක අතට ගත්තා....සර්ගෙ අංකෙ ඩයල් කරලා ස්පීකර් දැම්මා..අර කිව්වත් වගේ කෝල් දෙක තුනක් ගත්තත් ආන්ස වුන් නෑ....මං වැඩේ අතෑරලා ෆෝන් එක ආයෙ සාක්කුවට දා ගත්තා...

"සර්ලා අද ආවෙ නැත්තං මෙහෙ ඉමු හරිද....අවුල් වෙන්නෙපා...දැං ගිහිං කමු අපි ම්ම්...."

හසංගනා කණුවට හේත්තු වෙලා මං දිහා ඔලුව උස්සං බලං හිටියෙ හරි අමුතු විදියකට...මං එයාගෙ ඔලුව උඩිං අතක් තියලා පහළට පිරිමැදං ආවා...ඒ ඇස් පියවිලා ගියා....

"මොකද්ද නිකූ....වා......"

පිටිපස්සෙන් බබා කෑ ගහන හඬ ඇහෙද්දි මං ඒ අත ගත්තා අහකට....

"අඩෝ සොරි නිකූවා...කන්න යමං කියන්න ආවෙ....අර කුකුල් අණ්ඩක් වේලෙනවා බං පෞනෙ...."

හසංගනා හිනා වෙද්දි මාත් මෘදුව හිනා වුණා...බබාත් වෙලාවකට මූඩ් ෆික්ස් කරන්න මරු ඩයල් එක...මං හසංගනාගෙ නිකට යටිං ඇඟිලි තුඩු තියලා කිති කවලා ඒ අතකිං අල්ල ගත්තා...

"යං කන්න...බඩගිනියි..."

කාලා බීලා ඉවර වෙද්දිවත් සර්ගෙං ප්‍රතිචාරයක් නැති වෙද්දි මං හසංගනාට කතා කරා...

"වොශ් එකක් දා ගමු හසංගනා...ඔයා තාම මේ ඇඳුං පිටිං...මහන්සි පාටයි මූණත් එක්ක...."

ෆෝන් එක දිහා බලං හිටපු එයා බර හුස්මක් පහළ දැම්මා....

"මුකුත් අවුලක් වෙලාද දන් නෑ මියූ...."

"නෑ නෑ..එහෙම වෙන් නෑ...හොඳ දරුවා වගේ දැං යංකො...එන්නකො..."

මගෙ තිබ්බ ඇඳුං වලින් ටී ෂර්ට් එකකුයි ශෝටකුයි එක්ක හසංගනා බාත් රූම් එකට යවලා මං සාලෙට වෙලා ටී වී බැලුවා....බලන්න දෙයක් නෑ...නමුත් අර කිඹුලා මෙලෝ රහක් නැතුවත් කිරිමැටි ගිලින්නැහේ මාත් ටීවී බැලූවා....වෙලාව ඒ වෙද්දි එකොළහයි....අම්මලා නිදා ගන්නත් ගිහින්...අම්මා යන්න කලින් කිව්වෙත් හසංගනාව දැන් යවන්න නෙවෙ,වොශ් දාගන්න ඇඳුමක් දෙන්න කියලා...ටිකකින් හසංගනා එළියට එද්දි මං ටීවී එකෙං ඇස් අහකට ගත්තා....

හසංගනා (Still Ongoing)Where stories live. Discover now