17

136 22 12
                                    

"කොහෙද ගියේ...?"

ගෙදර ඉස්සරහ පඩිපෙලේ වාඩි වෙලා උන්න හසංගනාගෙන් මං ඇහුවෙ...මං බලාගෙන කෙල්ල අපේ ගෙදරට ආව වෙලාවෙ ඉඳලා බර කල්පනාවක.... හිතින් කොහෙදෝ දුරක එයා ගිහිල්ලා උන්නෙ...

"කොහෙවත් නෑ...මේ මොනාද මියූ...කෝ අයියයි අක්කයි..?"

මං හසංගනාගෙ අතට දුන්න ගම්මිරිස් චුට්ටක් ඉහලා දාපු දොඩං එක එයාගෙ අතට ගන්න ගමං ඇහුවෙ...

"ඒ දෙන්නා අම්මලා එක්ක කුස්සියෙ....ඔය දොඩං එකක්....බීලා බලන්න..."

එයා හිනාවෙලා ඒක බොන්න ගද්දි මාත් එයා ලඟින් වාඩි වුනා....අපේ ගෙදරට පාරවල් දෙකක් තියනවා..එකක් පඩිපෙලක් අනික වාහන යන්න පුලූවන් සාමාන්‍ය පාර..පඩිපෙල ගාව අම්මා මල් වවලා ලස්සනයි... දුර ඉඳං බලද්දි හසංගනාව එතනට ගැලපෙනවා...මගෙ උරහිසට බරක් දැනෙද්දි මං ඒ දිහා බැලුවා..හසංගනාගෙ සිනිඳු කොණ්ඩ ගස් ටිකක් මගෙ නිකටෙ තැවරිලා හීනි කිතියක් ගෙනාවා....

"ඔයා මං එක්ක තරහා නැද්ද මියූ...?"

"ඇයි මං තරහ වෙන්නෙ...?"

හැමදේම දැන දැන නොදන්න ගානට කතා කරන මගෙ මේ ගුප්ත හිත කවදා හති වැටිලා නවතීද කියලා මං දන්නෙත් නෑ....

"මං දන්නවා ඔයාගෙ හිත....ඔයාගෙ ඇස්.. ඒවා කියන කතාව මට ඔයාගෙ වචන වලින් අහන්ණ නොලැබෙන්නෙ ඇයි කියලා මං දන් නෑ මියූ...ඒත් මං ඔයාව රිදෙව්වා..."

....

මං නිහඬ වුණා....මගෙ පලක් නැති වචන කියවලා හසංගනාව රිදවන්න මට ඕන නෑ...මං එක අඩියක් ඉස්සරහට තියන්න තාම ලෑස්ති නෑ හසංගනා මට සමාවෙන්න....

මං ඒ හිස මෘදුව අතගෑවා...එයා මගෙ උරහිසට නිකට තියලා මගෙ මූණ දිහා බැලුවා....කඳුලු පිරිච්ච ඇස් හරියට බබ්ල් දෙකක් වගේ...ඒ ඇස් ඇතුලෙං මට මාවම පේද්දි එක මොහොතකට පුදුම ලෝභ කමක් දැනුණා..ඔයාව අයිතිකර ගන්න හිතෙන හැඟීම මට නවත්ත ගන්න බැරි වෙයි හසංගනා ඔයා ඔහොම බලද්දි....ඒත් තාවකාලික හැඟීමකට ඔයාව බිලිදෙන්නත් මට බයයි...

හිත දෙපැත්තකට අදිද්දි උනත් මං ලා හිනාවක් මූණට ගත්තා....මේකෙ අමාරුව හසංගනා දන්නවා නං ඔය දිලිසෙන ඇස් වලින් බලං මං යන පාරකවත් යන් නෑ....ඒ ඇස් හිමීට පියා ගද්දි එයා මං කොණ්ඩෙට අතක් තිව්වා....එයා මට එයාව හම්බුණ මුල් කාලෙ මතක් කරන්න වගේ අර දිග කොණ්ඩෙ ලිහිල්ව ගැට ගහලා....මං කොණ්ඩෙ දිගෙ අතගාද්දි කොණ්ඩෙ ලිහිලා මගෙ උකුලට වැටුණා...මං අත එහෙමම තියන් එයා දිහා බලං ඉද්දි එයා ඇස් ඇරියා....ඒ ඇස් දිහා බලං හිතේ තියන හැඟීම හංග ගන්න අමාරුයි..  ඒ වුණත්,

හසංගනා (Still Ongoing)Where stories live. Discover now