රෝස පාට ගවුමෙ රස්නෙ වැදිලා හසංගනාගෙ මූණ එළිය වැටිලා...මං එක්ක නෝක්කාඩුවෙන් වගේ හිනා වෙලා හැන්ඩ්ල් එක අල්ලං එතනම හිට ගත්තා....
"අද ක්ලාස්ද...?"
"ඔව්නෙ...."
මං බර වුණ කටහඬින් අහද්දි එයා මං දිහා බලලා බෝල ඇස් හිනි කරා...
"සර් ආවම ඔයාව හොයා ගන්න බැරි වෙයිනෙ දරුවො...යං අතනට..."
මං පෙන්නුවෙ කලින් එයා හිටං උන්න තැන...
"බාප්පා කෝල් එකක් දෙයි අනේ...මේ ඒක නෙවෙ..."
හසංගනාගෙ බැල්ම නිසාම මගෙ වෙනස එයාට තේරුණා වගේ හැඟීමක් මට දැනුණා....මං ඇස් උස්සලා ඒ මූණ බලද්දි එයාගෙ අතක් මගෙ නළල උඩ නතර වුණා....ආයෙම ඒ හීනි වුණ ඇස් බෝල වෙද්දි එයා කලබලෙන් මගෙ බෙල්ලටත් අත තියලා බැලුවා....
"ම්... මියු මේ...? ඔ..ඔයාට උණනෙ....කොහෙද මේ එළියෙ යන්නෙ මෙච්චර අසනීපෙන් ඉඳං...බෙහෙත් ටිකක්වත් ගත්තද ආ...?"
එයා කලබලෙන් කලබලෙන් කියවං යද්දි මගෙ ඇස් නැවතුනෙ ඒ වෙව්ලන තොල් ගාව...මෙ ටිකට එයා නොසෑහෙන්න කලබල වෙලා...අඬන්න ඔන්න මෙන්න...ඒ අත් ගැහෙනවා...
"දෙයියනේ...මියූ..."
මගෙ රත් වුණ අත් එයාගෙ සීතල අත් වලිං තුරුල් කර ගද්දි ඒ සීතලට මගෙ ඇඟ හිරි වැටුණා...
"මියූ...හ්.."
මේ ලෝකෙ සිහියක් නැතුව එයා දිහා බලං භාවනා කරපු මං ආපහු පියවි සිහියට ආවෙ මගෙ ශර්ට් කොලර් එකේ එල්ලිලා එයා කෑ ගහද්දි.....
"මෙහෙම කරන්නෙපා..."
එයාගෙ සම්පූර්ණ හැසිරීම දිහා බලං උන්න මගෙං පිට වුණේ ඒ මහන්සිය පිරුණු වචන ටික විතරයි....ඒ ඇස් තිගැස්මෙන් වගේ මගෙ දිහාවට යොමු වුණා...දැනටමත් ඒ ඇහැක කඳුලක් මෝදු වෙලා තියලා මං දැක්කෙ එතකොට...
"ම් මොකක්ද...?"
"මට මෙහෙම කරන්නෙපා....?"
"මොකක් ගැනද කියන්නෙ....?"
"ඇයි මං ගැන වද වෙන්නෙ මෙහෙම..?"
"අ..අපි යාලුවොනෙ මියූ..ආහ්...මට වද වෙන්ණ හිතෙන තරම්වත් ඔයා මට ලඟ නැද්ද...?"
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...