"ගුඩ් මෝනිං මියූ...හදිස්සියි වගේ.."
"හෙ හේ ගුඩ් මෝනිං හසංගනා..."
මං ඔලුවත් කස කස කියලා අහක බලං හිනාවුණා...වස නෝන්ඩිය...කවුද හිතුවෙ මෙයා මේකෙ ඉඳියි කියලා...
"ඇහුවා නං කියනෝනෙ...හොඳ වැඩේ වුබර්ට..."
මගෙ ඔලුවටත් එකක් ගහගෙන යන ගමන් බබා කියාගෙන ගියා...මේ උට්ටා දැන් දැන් හොඳටම වැඩියි...
නාලා කියලා එද්දි උදේ කෑම උයලා ඉවරයි කන්න එන්න කියලා අම්මා කියනවා ඇහුනා කුස්සිය පැත්තෙං...මං ටවල් එක වැලට දාලා හෙමීට ඒ පැත්තට ඇදුනෙ හසංගනා කොහෙද කියලා තුන් වෙනි ඇහෙන් බලන ගමන්...කට්ටියම කුස්සියෙ....මං ගිහින් කොනේම බැම්මකට හේත්තු වුණා...
"අපේ ක්ලාස් වල නං එච්චර පරිත්‍යාගශීලී අය නෑ නිශූ අක්කෙ...ආත්මාර්ථකාමීයි ගොඩක් අය...."
"අපෙ කාලෙත් හිටියා එහෙම අය නං...අපෝ මහ සාප..."
"එහෙම උන් තමයි සර්ලට මිස්ලට ගොට්ට අල්ලන්නෙ...නේ බං නිකුවා...."
බබා අහද්දි මාත් ඔලුව වැනුවා...ඒ කතාව බොහෝ දුරට ඇත්ත තමයි...
"නිකූ ඉස්කෝලෙ යද්දි කොහොමද ශවී...?"
"ඕක මගෙම්ම අහපංකො අක්කෙ මුගෙං අහන්නෙ...?"
මං බාධා කරද්දි හසංගනා ඇස් උඩ තියං මගෙ කට දිහා බලං ඉන්නවා...නිශානි අක්කා ඇස් රෝල් කරා...
"ඒක අහන්න උඹ නිහතමානී වැඩියි නිකූ..ඔයා කියන්න ශවී..."
බබා මහ කැම්රි හිනාවක් දාලා පටං ගන්න කට ඇරියා විතරයි අම්මා පටාං ගත්තා....එයාට නං ඔය ප්‍රශ්නෙ නිධානයක්.....
"නිකූ ඒ කාලෙ හරි දක්ෂයි පුතේ..පංතියෙ මුල් දහ දෙනා අතරෙ ඉන්නවා පොඩි කාලෙ ඉඳලම...මෙයා වොලිබෝල් එහෙමත් කලා...තරඟ වලටත් ගියා.. සාමාන්‍ය පෙළත් 6A 3Bක් ගත්තා....උසස් පෙළත් ආට් කලාට හොඳට පාස් වුණා A2 B1ක් එක්ක....මං කැම්පස් යන්න එපා කීවම ගියෙ නෑ...කෝස් කරලා ඔය රස්සාව හොයා ගත්තා...."
"අපරාදෙනෙ ඇයි අම්මා එපා කිව්වෙ..."
නිශානි අක්කා හරි දුකෙං වගේ එහෙම ඇහුවෙ....
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romansaමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...