"හසංගනා...."
මං දඩාර බ්‍රේක් පාරක් ගහලා බයික් එක නවත්ත ගත්තා....වෙනදට සඳුදා ක්ලාස් නෑනෙ මෙයාට....ගෙදර යද්දි දැක්කෙ ක්ලාස් එක ලඟ හිටං ඉන්නවා....මට එයාගෙ නම තොල් මැතිරෙද්දි ඉබේටම වගේ,මං බයික් එක හරවන් එයා ගාවට යන්න හැදුවෙ....ඒත් එතකොටම මං දැක්කෙ එදා නම්බරේ දුන්න කොල්ලා ඒ පැත්තට යනවා කොණ්ඩෙත් හද හද...මං බයික් එක පාරෙන් එහා පැත්තට අරං ෆුල් ෆේස් එක ගලවන් නැතුවම බලං හිටියා....මට කොල්ලගෙ ෂර්ට් එක දැක්ක ගමන් මතක් වුනා එදා, හසංගනාගෙ පොත උදුරං දිව්වෙත් මේ කොල්ලමයි...දැං දෙන්නා කතා කර කර ඉන්නවා...හසංගනාගෙ මං ලඟ උතුරන හිනාව ඊටත් වඩා ලස්සනට මං ඒ කොල්ලා ලඟ දැක්කා....හිතේ තිබ්බ හැඟීම් පරද්දලා හිස් කමක් දැනෙන්න ගද්දි ඒ කොල්ලා හසංගනාගෙ අත අල්ලලා ආයෙම අතෑරියා..අතෑරලා පිස්සෙක් වගේ හිනා වුණා...උගෙ සතුට....
මට ඒක මරන්න ඕන නෑ....
හසංගනා හිනාව පුරවන් ඒ හිනාව දිහා බලං ඉද්දි මං බයික් එක රේස් කරලා පාරට දැම්මා....හසංගනා දිහා එක පාරක්වත් නොබලා මං ගෙදර ආවා....
___________________________________"අම්මා...."
"ආවද....මං මේ පොඩි නැන්දලයි ගෙදර යන්න හැදුවෙ ...."
"ඇයි ඒ..?"
"නැන්දා එහෙං යනවලුනෙ...අක්කා දරුවා හම්බුනා කියලවත් නැන්දට කතා කරලා නෑ...ඒ මනුස්සයා හරියට අසරණයි...අද කතා කරලා ඇඬුවා..."
"හම්මට ඒමෙයි....ඉන්න මං ස්කූටියට තෙල් ටික දාන් එන්නං..තනියම අර ගඟ පැත්තෙ යන්නෙපා...මං එක්ක යං පාරෙං..."
පොඩි නැන්දා කිව්වෙ අම්මගෙ යාලුවෙක්...ඒ ඇන්ටිගෙ දූ චෙෆ් කෙනෙක්ව බැඳලා ගියා ගෙදරින්..දැං ඉතිං තමන්ගෙ අම්මව අමතකයි...අපූරු දූ පොඩ්ඩ...
එද්දි අරං ආව තෙල් ටික ස්කූටියට දාගෙන ඔෆිස් ඇඳං ගිය ඇඳුම පිටිම්ම එන්න ලෑස්ති වුණා...යට කරලා තිබ්බ බ්ලව්ස් එකත් උඩට දාං අම්මා එක්ක එද්දි මට කලිං හසංගනා උන්න තැන දිහා ඉබේම බැලුනා....එයා දැං තමයි යන්නෙ සර් එක්ක....අර කොල්ලට අත වනලා එයා කා එකේ යන හැටි මං දැක්කා....
___________________________________"මියූ සර් උඹට එන්නෙයි කිව්වා..."
"ආ හරි සොනා...."
YOU ARE READING
හසංගනා (Still Ongoing)
Romanceමට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මා නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක්...