18

140 22 29
                                    

මං ගෙදර ඇවිත් කුකුලව අම්මට දීලා වොශ් එකක් දා ගත්තා...මනුස්සයෙක් වගේ යන්නෙපැයි යන තැනක.... හසංගනාව දකින එක මගෙ හිත ඉපිලෙන තරමෙ ලොකු බලාපොරොත්තුවක් වෙලා..... ඒකට සදාකාලික ව පණ දෙන්න කවදා පුලුවන් වෙයිද....එතකං මේ තාවකාලික හුස්ම මං පිඹිනවා...හිත හිතාම කොණ්ඩෙ එකක් බැඳං මං එළියට ආවා

ස්කූටිය බබා ඉල්ල ගත්ත නිසා අනිත් බයික් එකේ ක්ලාස් එක ගාවට යනකොටත් ක්ලාස් ඉවර වෙලා ළමයි එළියට එන්න පටං අරං.,..හසංගනාට ගෙනාව හෙල්මට් එකත් තියන් මං ක්ලාස් පාරට හැරෙන තැන බලං හිටියා....කහ පාට ක්‍රොප් ටොප් එකකට දෙපැත්ත ඕපන් කරපු ඩෙනිම් ස්කර්ට් එකක් ඇඳලා මලක් වගේ හිනාවෙවී හසංගනා ආවෙ තව යාලුවෙක් එක්ක...කොණ්ඩෙ බෙල්ල ගාවට කපලා දිග සුදු පාට ගවුමක් ඇදපු කෙල්ලෙක්....මාත් එක්ක ඒකි හිණාවුනාම මං ලා හිනාවක් දීලා හසංගනාගෙ අතට හෙල්මට් එක දුන්නා...

"සර් මිස් එක්ක කොළඹ ගියා...ඔයාව මං එක්ක තියා ගන්න කිව්වා එයාලා ගන්න එනකං..."

"මට දැං කිව්වා මියූ....මියූ මට අලුත් යාලුවෙක් හම්බුණා...මේ #දුන්යා ....දුන්යා මං ඔයාට කිව්වෙ..මේ මියුරු..."

හසංගනා සෑහෙන්න සතුටිං එයාට යාලුවෙක් හම්බුන එක ගැන එයා මට දුන්යාව හඳුන්වලා දෙද්දි මං ලා හිනාවක් දුන්නා..දුන්යාත් හිනා වුණා...මං හසංගනාගෙ හෙල්මට් එකේ ලොක් එක දාද්දි ඇවිත් නවත්තපු සුදු පාට ප්‍රියස්  එක දිහාවට දුන්යා හැරුණා...

"මං යන්නං හසූ...මැසේජ් එකක් දාන්න හොඳේ....යන්නං මියුරු අක්කෙ..."

දුන්යා දුවලා ගිහින් කා එකට නගිද්දි හසංගනා මගෙ කරේ එල්ලිලා බයික් එකට නැග ගත්තා.....
______________________________

"සරුයි මිසුයි කොළඹ ගියා...ඒකයි..."

"අද මෙහෙ නවතීවිද සුදු ඒ දරුවා..."

"මම දන්නෙ කෝමද අනෙ ඒක...එයාලා එනකං තියා ගන්න කීවෙ...අද ආවොත් ඒමයි..නැතොත් ඒමයි.."

ප්‍රශ්න පිට ප්‍රශ්න අහන පුංචිටයි අම්මටයි ඒම කියලා සාලෙ දිහාට ආවා...මං හසංගනාව එක්ක එන්න යන්නත් කලින් බබා ගියා පෙම් කෙලින්න...ඌගෙ වෑඩේම මේ දවස් වල ඒක තමයි..තාම ආවෙ නෑ...

හසංගනා (Still Ongoing)Where stories live. Discover now