බිඳුණු හිත 16
රෝස ජම්බු සීසන් 2'මං හිතාගෙන හිටියෙ මේ වගේ දියාරු වෙච්ච බැඳීමක් නෙවෙයි. උණුහුම පිරිච්ච බැඳීමක්.'
කිසිම වැඩක් නොකර රූම් එකට ම වෙලා ලොක් කරගෙන කල්පනා කර කර හිටපු සුබෝධි තුන විතර වෙද්දි ගෙදර ගියා. යන අතර මගත් සුබෝධි කල්පනාවෙම හිටපු බව නාමල් දැක්කත් ඒ ගැන අහන්න ගියෙ නෑ.
ගෙදර ගියත් සුබෝධි රූම් එකට ම වෙලා ඇඳේ පෙරළිලා හිටියා මිසක් කන්නවත් පහළට ගියෙ නෑ. අත්තම්මා නාමල්ගෙන් හේතු ඇහුවත් නාමල් මොකුත් දැනගෙන හිටියෙ නෑ. ඔෆීස් එකේ කිසිම ප්රශ්නයක් නැති බව විතරක් නාමල් අත්තම්මාට කිවුවා. ඒ උත්තරෙව් අත්තම්මා දෙයක් සැක කළත් සුබෝධිට පාඩුවේ ඉන්න ඇරලා අත්තම්මා නිහඬ වුණා.
හවස හය පහු වෙනකොට සුබෝධිගේ ගෙදර ඉස්සරහ වාහනයක් හෝන් කරනවා ඇහුණ නිසා නාමල් ගිහිං ගේට්ටුව ඇරියා. ඒ ආපු කෙනා නාමල්ටත් කතා කරලා කෙලින් ම ගේ ඇතුළට ගිහිං අත්තම්මා එක්ක කතා කළා.
"අත්තම්මා............ කොහොමද .............? "
"ගොඩක් හොඳින් පුතේ.......... පුතාට කොහොමද............?"
"අම්මෝ.............!!"
කියාගෙන ම අශාන් අත්තම්මා ළඟින් ම සෝෆාවේ වාඩි වුණා.
"වැඩ කරලා ඉවරයක් නෑ අත්තම්මා.......... කන්න, නිදාගන්නවත් වෙලාවක් නෑ.......... ගිය සතිය නම් මාර කට්ටක් කෑවෙ. සිග්නලුත් නෑ........ මදුරුවො විමානයක්........... මේ බලන්නකො ගන්නදෙයක් නෑ අත්පය....."
අශාන් දුක කිය කියා අත්තම්මට එයාගෙ පැල්ලම් ගහපු අත් දෙක පෙන්නුවා.
"ඒක තමයි එහෙනං එක්කෙනෙක් මැලවෙලා ඉන්නෙ........."
"අත්තම්මා............???"
අශාන්ගෙ මදුරුවො කාපු පැල්ලම් අත ගගා ඉන්න ගමන් අත්තම්මා කියපු දේට අශාන් මොකුත් හිතා ගන්න බැරුව වගේ හිටියෙ.
"ඔව්........... අපේ සුදූ දැන් දවස් දෙක තුනක ඉඳලා අමුතුයි............ හරියට පුතා රට හිටපු කාලෙ වගේ..........."
"අත්තම්මා........... මට ගිය දවස් ටිකේ කතා කරන්නවත් ටයිම් තිබ්බෙ නෑ. වැඩ පහු කර කර හිටිය නං මේ සතිය නිවාඩු ගන්න බැරි වෙනවා. ඒකයි මං නින්දක්වත් නැතුව ඒක ඉවර කරලා ආවෙ. Thursday වෙද්දී project report එක හෙඩ් ඔෆීස් එකට ගිහිං බාර දෙන්න විතරයි තියෙන්නෙ........... ඊට පස්සෙ සතියක් ම මං ෆ්රී. "
BẠN ĐANG ĐỌC
බිඳුණු හිත ( රෝස ජම්බු සීසන් 2)
Phi Hư Cấuගොඩ කාලයක් බලාගෙන හිටියා අප්පච්චි. ඒත් ඇයි ආයෙමත්.............😥