බිඳුණු හිත 26
රෝස ජම්බු සීසන් 2සුබෝධි ඒකට කැමැති නෑ. පුංචි කාලෙ ඉඳන් ම. සුබෝධි පහ වසරෙ ඉන්නකොට අශාන්ට මුල්ම වතාවට රට යන්න ආව වෙලාවෙ මේ වගේ ම සිද්ධියක් වුණා. අශාන්ට රට යන්න වෙන බව සුබෝධිට කියපු දවසෙ. එදා පන්සලේ ඉඳන් තරහ වෙලා ගෙදර ආවෙත්. ඒ ආපු ගමන් සුබෝධි රූම් එකට ගිහිං දොරත් ලොක් කරගෙන හිටියෙ.
අතීත මතක...
ඊට පස්සෙ රෑ වෙන නිසා අශාන් ගෙදර යන්න කලිං බබාට කියන්න කියලා එයාගෙ රූම් එකට ගියේ එයා ඒ වෙනකොටත් පහළට ආවෙ නැති නිසා. වහල තිබ්බ දොර අරින්න බැලුවත් ඒක ලොක් කරලා. දොර ළඟ ඉඳං කතා කළත් උත්තර දුන්නෑ. නින්ද ගිහින්ද දන්නෙත් නෑ.
අන්තිමට අශාන් අත්තම්මට කියලා ගෙදර එන්න ආවා. ගේට්ටුවෙන් එළියට බයික් එක දාලා වමට හැරිලා මීටර් දෙක තුනක් යනකොට එයාට සයිඩ් කණ්ණාඩියෙන් පෙනුණා ගේට්ටුව ඇරගෙන කවුරුහරි පාරට ආවා කියලා. සැකේට නවත්තලා හැරිලා බැලුවෙ. ඔව්.......... ඒ එයා.............අඩාගෙන කෑ ගගහා දුවගෙන එනවා.
"අප්පච්චී..........හ්............අප්පච්චි ..........හ්......"
දෙවියනේ!!! අශාන්ට පපුව පැලෙන්න ආවා. කොල්ලා සෙරෙප්පු දෙකක්වත් නැතුව අර ඇඳං හිටිය ඇඳුමෙන් ම අඬ අඬා දුවගෙන එන හැටි දැක්ක ම අශාන්ට කොහොමටවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඒ තප්පර දෙක තුනට දහසක් දේවල් කල්පනා වුණත් ඊළඟ දවසෙත් මුණගැහෙන තමන් ව හොයාගෙන මෙයා මොකද මේ අඬාගෙන දුවන්නෙ කියන එකට අශාන් බය වුණා.
හරි සිහියට ආපු පළවෙනි තප්පරේම බයික් එක එතන ම තියලා එයා ආපස්සට දුවන්න ගත්තා. අශාන් එනවා දැකපු සුබෝධි එතනම දණ ගහ ගත්තා කොන්ක්රීට් පාර මැද. තුවාල වෙයි කියන එකවත් ගානක් නැතුව.
අශාන් අඩියට දෙකට එතනට ගියා. ගිහිල්ලා එයාව අත් යටින් දාලා උස්සලා ගත්තා.
"ඇයි මගෙ මැණික මේ............?"
"අප්පච්චී........ අප්පච්චි ......... ඇ.........ඇයි........ මට........මට කියන්.....නැතුව............ගියේ.......? ඇයි............???"
"රත්තරං..........ඔයා රූම් එකේ දොර ලොක් කරගෙනනෙ හිටියෙ........"
" ඉතිං.......... මං.........මං.......... කිවුවනෙ............ බබා........ කොහොම.......... හිටියත්........බබාට....... කියන්.......නැතුව.........යන්න එපා........කියලා..........!! කිවුවනේ.......!!! ඔයා.......ඔයා.......හා කිවුවා..........!!! ඔයා......... බොරු කියනවා............!!!"
YOU ARE READING
බිඳුණු හිත ( රෝස ජම්බු සීසන් 2)
Non-Fictionගොඩ කාලයක් බලාගෙන හිටියා අප්පච්චි. ඒත් ඇයි ආයෙමත්.............😥