24

107 22 0
                                    

බිඳුණු හිත 24
රෝස ජම්බු සීසන් 2

පැය දෙක තුනක් නිදා ගත්තට පස්සෙ සුබෝධි ඇහැරුණේ දාඩියකුත් දාගෙන. තමන් තදින් කාගෙද උණුසුමකට තුරුල් වෙලා ඉන්නවා දැනුණ නිසා එයා ඇහැ අරින්න කම්මැළි කරා. ඇස් පියාගෙන ම ඒ පුරුදු සුවඳ විඳගෙන ම ටිකක් වෙලා හිටියා. ඒත් එයාට මතක් වුණා මේ කවුද කියලා. ඒ එයාගෙ පපා කියලා. ඒ වගේම එයා පපාත් එක්ක තරහ වෙලා හිටියා කියලත්.

ඒත් එයාට හිත දුන්නෑ ඒ තුරුලෙන් අයින් වෙන්න. ලෝබයි. හැමදාකම ආස කරපු තුරුල.

ඒත්.......... ඒත් තවත් වෙලා හිටියොත්........... අයින් වෙන්නම බැරි වෙයි. ඉතිං සුබෝධි හෙමින් ඈත් වුණා. ඒ නිසා ම අශාන්ට ඇහැරුණා.

"ම්........ මැණික......... ඇහැරියාද?".

"ම්...........ප........පප්....... අ......... අප්.........අප්පච්චි..........."

"ම්.......... මගෙ වස්තුව......... තව දොයියනවද?"

"බෑ.......... ඔයා කොයි වෙලාවෙද ආවෙ?"

එහෙම අහගෙන ම සුබෝධි අශාන්ගෙ තුරුලෙන් මෑත් වෙලා ඇඳේ ඉඳ ගත්තා.

"ම්......... ඔයා අප්පච්චිගෙ මූණට කියන්න බැරි දෙවල් ෆෝන් එකට කිය කියා ඉන්නකොට ආවෙ."

අශාන් ඇඳෙන් නැගිටින්නැතුව ම උඩු අතට හැරිලා උත්තර දුන්නා.

"ගොඩක් වෙලාද?"

"හ්ම්........... ඔයාට තාම උණනෙ මැණිකේ........"

"න්.........නෑ........ දැං හොඳයි. මං........... මං...... වොෂ් එකක් දාගෙන එන්නං."

"සුදු අම්මා....... ඉන්න......... අපි කතා කරමු........... "

නැගිටලා යන්න ගියපු කොල්ලගෙ අතින් අල්ලලා අශාන් කිවුවා.

"මොනවද?"

"පුතේ......... ඔයා පපා එක්ක තරහින්......... ඒකනෙ මෙහෙම..........."

"කොහොමද...........? කොහොමද අප්පච්චි........... ? ඇයි මං කොහොමද...............?"

"පැටියා.......... මට කතා කරන්න ඕන............ "

"හ්ම්.......... මං එන්නං..........."

එහෙම කියලා සුබෝධි අත අතෑරවගෙන බාත්රූම් එකට ගියා. අශාන්ට දැනුණා එයාගෙ බබා තාමත් හිත හොඳින් නෙවෙයි කියලා.

බිඳුණු හිත ( රෝස ජම්බු  සීසන් 2)Where stories live. Discover now