බිඳුණු හිත 14
රෝස ජම්බු සීසන් 2පැය කාලකට විතර පස්සෙ සුබෝධිගෙ දොරට තට්ටු කරන හඬකින් සුබෝධි ගිහිං දොර ඇරියා............
කොහොමටවත් ම හිතපු නැති කෙනෙක් දොරළඟ ඉන්නවා දැකපු සුබෝධිට නොහිත ම ඇඬුණා. එහෙම්ම ම එයා පැනලා අශාන් ව බදා ගත්තෙ අඬාගෙනමයි............
"පපා..................."
"මැණික............ අඬනවනෙ රං......... ඇයි මේ............?"
"ඔයා........ඔයා ගියානෙ............ පපා........... ඇයි.......?"
"සුදු අම්මා......... ඒකට ද මේ............? ඉතිං රත්තරං හෙට එනව කියලනෙ මං ගියෙ..........."
"ඒත් මට ඔයත් එක්ක ඉන්න ඕනි......... මං කිවුවනෙ ඉන්න කියලා.........."
"ම්........ දැං ඇති.......... අඬන්න එපා......... අප්පච්චි ආයෙ ආවනෙ. මට දැනුණා මොකක් හරි දේකට හිත රිද්දගෙන තමයි කියලා. ඒකයි මේ බලලා යන්න ආවෙ....."
"යනවද............. මේ දැං ආයෙ වනවද.........? අනේ......."
"මැණික......... අප්පච්චි යන්න එපාද එහෙනං......... "
"එපා........ යන්න එපා...... ඉන්නකො......... අද මං ළඟ.........."
කොල්ලා අශාන් ව බදාගෙන ම කං කෙඳිරිගෑවා. අශාන් එයාවත් එක්ක ම කාමරේ ඇතුළට ඇවිත් දොර වහලා ඇඳළඟට ගියෙ එයා කෙහොමත් ආවෙ අද සුබෝධි ළඟ ඉන්න හිතාගෙන නිසා. අත්තම්මටත් කතා කරගෙන ම ආව නිසා ගැටලුවක් නෑ.
සුබෝධි කඳුළු පිහදාගෙන ඇඳට නැගලා ඇඳ මැද්දට ගිහිං අශාන්ට අත් දෙක ම දික් කරලා කතා කළා.
"එන්න............."
අශාන් කොල්ලව තුරුලට අරං නලල ඉඹලා එයාවත් හාන්සි කරලා අශානුත් එතනින් ම ඇල වුණා. කොල්ලා අශාන්ගෙ පපුවට ම ඇලුණා. එයාට සතුටුයි. කියන්න බැරි තරම්. ආදරයක් ගැන තේරෙන කාලෙ ඉඳං තනිකමේ විඳව විඳ ව දැකපු හීනයක් අද හැබෑ වෙලා. ඒ එයාගෙ අප්පච්චි එක්ක මේ විදිහට එයාගෙ කාමරේ එයාගෙ ඇඳ උඩ තුරුල් වෙලා ගත කරන රැයක් ගැන දැකපු හීනයක්.
සුබෝධි ඉවරයක් නැතුව ම ආම් කට් එකෙන් වැහිලා තියන අශාන්ගෙ පපුව ඉම්බා. විටින් විට අශාන්ගෙ මූණ දිහා බැලුවා. ආයෙත් අශාන්ගෙ බෙල්ල අස්සෙ රිංගුවා. එයාට ඕන දෙයක් කර ගන්න ඇරලා අශාන් එයාගෙ ඇඟ උඩින් අතකුත් දාගෙන ඒ හිනා පිරුණු මූණ දිහා බලාගෙන හිටියා. දැං ටිකකට කලින් අඬපු මූණ. එයා නාවා නං කොල්ලා රෑ එළි වෙනකං හූල්ලයි. සමහරවිට අඬයි. නොනිදා පහන් කරයි. අශාන්ට ඒවා කල්පනා වුණා. අච්චර අප්සට් වෙලා කියලා නොදැනම,ව වුණත් ස ගත්ත තීරණේ ගැන අශාන් සතුටු වුණා ආයෙත්.
CZYTASZ
බිඳුණු හිත ( රෝස ජම්බු සීසන් 2)
Literatura Faktuගොඩ කාලයක් බලාගෙන හිටියා අප්පච්චි. ඒත් ඇයි ආයෙමත්.............😥