13

107 23 2
                                    

බිඳුණු හිත 13
රෝස ජම්බු සීසන් 2

"අප්පච්චි......... ඔයාගෙ දේවල් මං අරං ආවා....... ඔයා නැති කාලෙ මං ඒවත් එක්ක තමයි හිටියෙ. මේ බලන්න මේවත්........"

සුබෝධි තව දොරක් ඇරියා. ඒකෙ තිබුණෙ අශාන්ගෙ පරණ ඇඳුම්. අශාන් රට යන්න කලින් දවසෙ සුබෝධි ඇන්ඳෙත් අශාන්ගෙ බැනියම්. ඒවත් තිබුණා ඒ ගොඩේ. ලසසනට හැගර්ස්වල දාලා එල්ලලා. අශාන්ට හිතා ගන්න බෑ එයාගෙ සුදු අප්පො කරලා තියන වැඩ.

අශාන් ඒ හැමදේම බැලුවා.

"මේ මොනවද?"

"මතක නැද්ද අප්පච්චි ..............?"

ලොකර් එකක් අස්සෙ තිබුණ පරණ වෙච්ච ක්ලියර් බෑග් එකක් අරං අශාන් ඇහුවා. ඔව්........... ඒක තමයි අශාන් එවපු ගිෆ්ට් එකේ රැපින් ටික. අර පසල් එක.

අශාන් ෆයිල් එක ඇරලා බැලුවා. ඒක අස්සෙ තිබුණෙ කඩදාසි, පොලිතීන්, කාඩ්බෝඩ් කෑලි ටිකක්. ඒවා දියවෙලා වගේ පරණ වෙලා තිබ්බෙ.

"මේ අර පසල් එකේ රැපින් අප්පච්චි.......... "

"ඇයි පැටියා මේවා තියාගෙන හිටියෙ...........?"

"මං......... මං.......... ඔයාට මතකද මං ඉස්සර.......මෙහෙම.......මෙහෙම අත සාගෙන ඉන්නවා...........ඔයාගෙ පපුවෙන්.............."

සු⁣බෝධි අශාන්ගෙ ෂර්ට් බොත්තම් දෙකක් අස්සෙන් අත දාගෙන පපුවෙන් තියා ගත්තා. අශාන්ට මතකයි ඒ කාලෙ. සුබෝධි පුංචි කාලෙ එයාගෙ ඩැඩී ළඟත් ඔහොමයි හිටියෙ.

"මැණික............!"

අශාන් සුබෝධිගේ ඒ අත ෂර්ට් එක උඩින් ම අල්ලගත්තා.

"මං මේක අස්සෙන් මෙහෙම අත දාගෙන තමයි නිදා ගත්තෙ. මට ඔයාගෙ පපුවෙ රස්නෙ නැතුව ඉන්න බැරි වුණා අප්පච්චි. මට මේකෙන් ඒ රස්නෙ නොදැනුණත් මට ඔයාගෙන් අන්තිමට ම ලැබුණෙ මේක අප්පච්චි. ඒ නිසා මං මේක තියා ගත්තා."

සුබෝධි කඳුළු පිරුණු ඇස්වලින් කතා කරද්දි අශාන් කවදටත් වඩා ආදරෙන් සුබෝධි ව තුරුල් කර ගත්තා. අශාන් දන්නවා එයා නැති ටිකට කොල්ලා නොසෑහෙන්න විඳවලා කියන්න. අශාන්ට ඒකට සමාව ඉල්ලන්න ක්‍රමයක් හිතා ගන්නවත් බෑ.

දෙන්නට දෙන්නා තුරුල් වෙලා ඉඳලා තවත් පැය ගානක් කාමරේ පුරා ඇවිද ඇවිද ඉඳලා දෙන්නම ඇඳට ආවෙ නිදා ගන්නවත් වෙන මොකටවත් නෙවෙයි. දෙන්නට මකතා කරන්න මාතෘකා දෙකක් තිබ්බා. ඉතිං ඉස්සර වුණේ අශාන්.

බිඳුණු හිත ( රෝස ජම්බු  සීසන් 2)Donde viven las historias. Descúbrelo ahora