බිඳුණු හිත 6
රෝස ජම්බු සීසන් 2අශාන් කියවගෙන කියවගෙන ගියා. ඒ නිසා මැදින් පැනලා සුබෝධි කතා කළා.
"ඇති......... ආයෙ කියවන්න එපා. මට රිදුන්නෑ. ඔයා වැරදි නෑ.................. අනේ........!!!"
අශාන්ට තවත් කියන්න ඒවා මතක් වුන්නෑ.
සුබෝධි පොඩ්ඩක් අශාන් හිටපු පැත්තට හැරෙන්න යනකොට ම එයාගෙ අත ඇදුණා. එයා බෙල්ල හරවලා කටුව දිහා බලලා සේලයින් එක දිහාත් බැලුවා.
"අප්පච්චි ඇයි මේ...........?"
" තව ටිකකින් ඒක ඉවරයි මැණික. "
"ඔයා ඩොක්ටර් කෙනෙක් ගෙන්නුවද?"
"හ්ම්......."
" ඇයි ඒ......? ඇයි මේ සේලයින් දෙන්නෙ.......?"
"ඔයා ගොඩක් වෙලා සිහිය නැතුව හිට්යනෙ අම්මෙ. තව......තව..... ඔයා......ඔයාට මේ.....මේ ටිකක්.......... බිලීඩ් වෙනවා රත්තරං........... "
ඉතිං සුබෝධි බෙඩ්ෂීට් එක උස්සලා එයාගෙ ම ඇඟ දිහා බැලුවා. එයා ඇඳන් හිටියෙ පැම්පස් එකක් විතරයි.
"පැම්පස් දැම්මෙ ඔයාද පපා.........?"
"නෑ...... සංදේශ් අංකල්ගෙ අයියා ආවා. එයා ඩොක්ටර් කෙනෙක්. මේ ළඟ ඉන්නෙ. එයා තමයි ඇන්දුවෙ."
"ඇයි එයාට දුන්නෙ? එයා දකින්නත් ඇති ඔක්කොම. මෝඩ පපා. ලැජ්ජයිනෙ මට."
"එහෙම නෑ රං. ඒ ඩොක්ටර් කෙනෙක්නෙ."
"කෝ මගෙ ළඟට එන්න. මූණ ළං කරන්නකො."
අශාන් සුබෝධි ළඟට මූණ ළං කළාම සුබෝධි කටුව ගහල නැති අතින් අශාන්ගෙ කොපුලක් ඇල්ලුවා. අශාන්ට ඒක රිදුණත් ගානක් නෑ වගේ හිටියා.
"ඇයි මේ.......? මොකද වුණේ......? කවුද ගැහුවෙ ඔයාට.........?"
සංදේශ් ගහපු පාර හිටලා ලාවට දම් පාට වෙලා තිබ්බ කම්මුල අල්ලගෙන බෝධි ඇහුවා.
"ඒ නිකං බබා......... රිදෙන්නෑ. අපි මේ......මේ..... කෑම ඕඩර් කරමුද?"
අශාන් කතාව මගහරින්න එහෙම කිවුවා. ඒ නැතත් කොල්ලා නැගිට්ටම කන්න දෙන්න කියලා විතේශ් කියලත්නෙ ගියෙ.
"ඕඩර් කරන්න...... ඒත් මට මේක කියලා........."
ඉතිං බේරිල්ලක් නෑ කියලා දන්න නිසා අශාන් වෙච්ච සිද්ධිය කිවුවා.
VOUS LISEZ
බිඳුණු හිත ( රෝස ජම්බු සීසන් 2)
Non-Fictionගොඩ කාලයක් බලාගෙන හිටියා අප්පච්චි. ඒත් ඇයි ආයෙමත්.............😥