බිඳුණු හිත 23
රෝස ජම්බු සීසන් 2සුබෝධි හවස් වෙලා ඇහැරෙනකොට අශාන් බෑග් ඔක්කොමත් ලෑස්ති කරලා ඉවරයි. කාමරේ හිටිය නාමල්ටවත් කතා නොකර සුබෝධි වොෂ්රූම් ගිහිං ආවා. ටිකකින් ඩොක්ටර් ආවට පස්සෙ සුබෝධි ව ඩිස්චාර්ජ් කරා. නාමල් ගිහිං හොස්පිට්ල් බිල් සෙට්ල් කරනකං සුබෝධි ඇඳේම වාඩ වෙලා හිටියා අඩියක්වත් හෙලවෙන්නැතුව. නාමල් ආපහු ආවට පස්සෙ සුබෝධි නාමල් එක්ක එළියට ගියෙ අශාන් දිහාවත් බලන්නැතුව.
නාමල් සුබෝධි ව ගෙදර එක්ක යනකොට අශාන්ගෙ අම්මත් එහෙ.
"සුදු මැණික......... ඇයි වස්තුව අසනීප හදා ගන්නෙ?. සුදු අම්මට නොකියම ඇවිත්නෙ ඔයා. මොකද වුණේ..........?"
"සුදු අම්මා......."
සුබෝධි මොකුත් නොකියම ටිකක් වෙලා අශාන්ගෙ අම්මාගෙ පපුවට තුරුල් වෙලා හිටියා. අශාන් ෆින්ලන්ඩ් ගිය දවස්වලත් සුබෝධි මෙහෙමයි. උණ හදාගෙන හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉන්නකොට අශාන්ගෙ අම්මගෙ ළඟ ටිකක් තුරුල් වෙලා ඉන්නවා. හරියට ම එදා වගේ ම අදත් සුබෝධි ඒක ම කරනවා.
ටිකකින් අශාන්ගෙ අම්මා ආයෙත් කතා කළා.
"කෝ ඔයාගෙ අප්පච්චි ..........?"
"ම්............. දන්නෑ.......... මං දන්නෑ එයා කොහෙද කියලා...............!"
සුබෝධි ඇහෙන නෑහෙන ගානට එක කිවුවෙ.
කතාබහ කරලා තේත් බීලා එයා ගෙදර යන්න පිටත් වුණේ සංදේශ්ලත් ගෙදර ඉන්න නිසා. ඒ යනකොටත් අශාන් ගෙදර ඇවිත් නැති නිසා අශාන්ට කෝල් ගත්තම කිවුවෙ 'පොඩි වැඩකට ගියා, පස්සෙ එන්නං' කියලා.
කොහොමහරි අශාන් ගෙදර එනකොට රෑ හතට විතර ඇති. ඒකත් සංදේශ් බයික් එකේ ගිහිං හොයාගෙන ආවෙ. ඇවිදින්න කියලා පාක් එකක්වත් රත්නපුරේ නැති වෙද්දි ඒ වෙලාව වෙනකං අශාන් කරේ ඔහේ පාරක් පාරක් ගානෙ පයින් ම රස්තියාදු වුණ එක. සමහර වෙලාවල්වලට අශාන්ට නොදැනිම ඇස් කොන් තෙත් වුණත් අශාන් තමන්ට දැනෙන හැඟීම් අමාරුවෙන් දරා ගත්තෙ මිනිස්සු යන එන පාරවල්වල තනියම අඬන්න බැරි කමට.
කළුවර වැටීගෙන එනකොට අශාන් ගෙදර ආවෙ නැති නිසා ආයෙමත් සංදේශ් කෝල් කරලා ගිහිං අශාන් ව එක්කරගෙන ආවා.
YOU ARE READING
බිඳුණු හිත ( රෝස ජම්බු සීසන් 2)
Non-Fictionගොඩ කාලයක් බලාගෙන හිටියා අප්පච්චි. ඒත් ඇයි ආයෙමත්.............😥