01 🪶

220 9 3
                                    

ම්ම් දැන් පන්ති වලට යන්න හෙටත් 6 වෙද්දී  ප්‍රැක්‌ටිස් තියෙනවා,  හෙට වෙපන් දෙනවා පරාක්කු වෙලා එන උන් වෙපන් පිහින්න පොල් තෙලුයි, රෙද්දකුයි ගෙන්න.

Sir නම් කියයි 6 ට එන්න කියලා අපි එපෑ නැගිටින්න. කැඩෙට් වලට පන දුන්නත් නැගිටින්න බෑ අප්පාහ්. වොෂ්රූම් ගිහින් දැන් uniform දාගන්නත් ඕනේ. අර කිබුලියෝ දෙන්නා එක්ක ගියාම නාන්නැති ටික විතරයි ඕකුන් දෙන්නා අරවා මේවා මුනේ උල උල එකම විකාරයයි එතන. අනේ මටනම් ඔය මගුල් ඕන් නැ. තියෙන්නේ සන්ලයිට් ද අපි ගෑවා සන්ලයිට් ඕනෙත් නෑ 😌

" අඩෝ දිල් ඉදපන් අපිත් එනකම්... උබ කොමත් අපිව දාලා පන්තියට යනවනේ එක්කෝ පල, උදෙන්ම ගණන් යකෝ අප්පිරියයි "

" ඕන එකක් මන් යනවා "

නෙතු ඕකි ඔහොම්මයි. ගණන් මිස් එක්ක ඔරොප් ඕකි. මේතු නෙතු මගේ කිබුලියෝ දෙන්නා පොඩි කාලේ ඉදන් යාලුවෝ, නෙතු නම් කට‍ කාරියක් මේතුනම් එහෙම නෑ හැබැයි මගේ track එකේ.එන වෙලාවක එය්නේ එතකන් මන් යනවා.

ඉක්මනට චේන්ජ් වෙලා මන් පන්තියට ගාටන්න ගත්තා. අපේ පන්තිභාර සීතා මිස් අපි තුන්දෙනාට එච්චර කැමති නෑ. ඇයි ඉතින් එයා ගණන් බෝඩ් එකේ දදා හදද්දී එයාට අපි  ගණන් හදන්න දෙන් නෑනේ. මන් මේ ටිකක් ෂේප් වෙලා ඉන්නේ අපේ අම්මගේ ඉස්කූල් ෆ්‍රෙඩෙක් නේ සීතා මිස්.
අපි තුන්දෙනා පිටි පස්සේ පෝලිමේ තමා වසේ කොරන්නේ
එතන හතරකට ඉන්න පුළුවන් උනත් අපේ ඉන්නේ තුන්දෙනයි නේ.

" එක්කියුස් මී මැඩම් "

"එන්න කුමාරි හාමි.. එන්න කෝ අනිත් කුමරියෝ දෙන්නා "

" ඒ දෙන්නා තව ටිකකින් එයි මිස් "

" ඒ ටික මේ පීරියඩ් එක ඉවර උනමද දන් නෑ... ආ තමුසේලා ඉන්න තැනට අලුත් ළමයෙක් ආවා, කරදර එහෙම කරනවා නෙමේ. මන් ඒ ළමයා බලා ගන්න එක තමුන්ට බාර දෙනවා "

" අනේ.. ඇයි එයා බබෙක්ද, මට බෑ "

" දිල්කි ගිහින් ඉද ගන්නවා "

ආප්...කෝ මොකිද ඔය පෙට්ටි කිකිළි බලා ගන්නම් මන් කිරි දීලා තොත්ත බබාව. ඕප්ස් ඒකිනම් පෙට්ටි කිකිළියක් නෙමේ ඇත්ත කියන්න එපෑ ඒකි මාර ලස්සනයි, කියුට් පාටයි.
අනේ මට මොකද රතු පාට උනත්...
  
බැග් එක තියලා මන් ඒකිගේ එහා පැත්තෙන් ඉදගත්තා.

" hi මන් යසසි... අම්මෝ ගවුමක්
ඇදන් හිටපු නිසා කෙල්ලෙක් කියලා හොයා ගත්තේ මොකක්ද ඔයාගේ නම"

" අනේ හරි හිනා.. මන් කිචි කවා ගන්නද හිනා යන්න 😒"

ඒම කිවම ඒකිගේ මුණ කජු ලෙල්ලක් උනා යකෝ... අරුන් දෙන්නා තව නෑ. කම්මැලිත් එක්ක.කියනකොටම අර වඩින්නේ ජෝඩුව.

" ආ එන්න කුමාරි හාමිලා.. ඔය නෙතු කුමාරි මේ ගානත් හදන්ම ගිහින් ඉද ගන්න "

පුද්දනකොටම කාපි යකා කියලා ඒකී ටබාල්දියක් පෙරලුනා.

"  කව්ද බන් අර "

" අලුත් එක්කෙනෙක්...... අපේ මිස් කීවා මට ඒකිව බලා ගන්න කියලා "

" උබ හා කීවද "

" උබට දොදුද... ඇයි බලා ගන්න eki බබෙක්ද

" ඔතන වෙනම ගානක්ද... ඇවිල්ල මේක හදන්න මේ කුමාරිහාමිට මේක හදාගන්න බෑ  "

පුදනකොටම කාපි යකා, අදත් එළියේ ඔ යෙප්...අලුත් එකී ඉස්සරහා චාටර් අපොයි.

" මෙතන බකන්විලන් ඉන්නේ හදන්න දන්නැත්නම් එලියට යනවා "

" හා යමන් බන් එළියට.."

මන් එහෙම කියන් ඉස්සරහ උනා.. නෙතු බැග් එකත් එල්ලන් එළියට ආවේ, අනේ අනිච්චන්.....

" අඩෝ නෙතු අන්න උබේ
කල්පයියා.... සොරි සොරි අය්යා එනවා "

නෙතු කල්ප අය්යා ට හෙන crush ඒත් කල්ප කාරයා නෙතුව ගනන් ගන් නෑ දැක්ක තැන රවනවා. 

" ඕන් බලන්න මන් අද එයාව රතු කරන්න යම්නේ...... ආ daddy කොහෙද යන්නේ අප්පාහ් "

අඩෝ තව්කන්න මෙකි කල්පයට daddy කීවා.
මේ දෙවෙනි පාර දවසක් ස්කූල් එකේ කොන්සට් එකකට කල්ප නටන්න හිටියා එහා ඉස්කෝලේ කෙල්ලෝ ටිකක් පැණි හල හල හිටියේ එදා මේකිට තද වෙලා අර හැමෝම ඉස්සරහ

" hey daddy.... you so hot mah beby "
ගෑවා අම්මෝ උගේ මුණ ජම්බු ගෙඩියක් වගේ උනා, අදත් වෙනසක් නෑ කන් දෙකේ ඉදන් රතු උනා.

" දින්සරා මොකක්ද කරන්නේ අයිනවෙනවා මට යන්න... අනික තමුසේලා තුන ඊයෙත් මේ වෙලාවේ එළියේ නේද හිටියේ මහා ලොකුවට කැඩෙට් කරනවා කිසි විනයක් නෑ "

අපි හැමෝටම නෙතු උනාට කල්ප අය්යට නෙතුව දින්සරා කැමති නැත්නම් ඇයි දන්නෑ ඒම කියන්නේ 😌මේන් මු මගුලක් කියනවා කවද්ද යකෝ කැඩෙට් කරපු එකෙක්ට විනයක් තිබ්බේ ewww මෝඩ බේසිකයා.

:::::::::::: :::::::::::: ::::::::::::::::::: :::::::::::::::

ඕන් දුන්නාප් මේක දිගටම ඕනේ ද,
කතාවේ ප්‍රදාන චරිත දෙක හොයලා දුන්නේ oshi අක්කා තැන්කු සුදු.

මම =, M A L E  E🌝🪶

ස්වප්න මදාරා ||GLWhere stories live. Discover now