04 🪶

255 20 8
                                    

1st day in camp

ඉස්කෝලේන් උදෙන්ම ආපු නිසා 11 වෙද්දී එන්න පුළුවන් උනා, ඊට පස්සේ රිපෝට් කරලා I. C. B. C චෙක් කරලා කුසපත් අංකෙ දුන්නා අපි කුසපත් අංක 10.

Camp ඇවිල්ලා වෙනදා දැනෙන සතුට මට අද දැනෙන්නේ නෑ හේතුව යසසි. දවස් 5 ක්‌ ආය්යූ පිස්සු වගේ ඒත් මන් ඉවසනවා මොනා කරන්නද මේ දවස් ටික ගෙවුනාම හැමදාම පන්තියේනේ, අප්පච්චි මට මේකෙන් තේරුනත් නැතත් කැඩෙට් තහනම් කරා 🙂

කැම්ප් ඇවිල්ලා මුලින්ම ඉතින් බිලට්  අස්කරන්න තමා තියෙන්නේ, sgt ළමයි 5 ක්‌ එක්ක ස්ට්‍රෝ යද්දී මන් අනික් 20 එක්ක අපේ බඩු ටික බිලට් එකට ගෙනියලා වැඩ බෙදලා දුන්නා sgt එනකන් එතකන් මන් තව දෙන්නෙක් එක්ක ගිහින් වොශ්රූම් දෙක්කුයි, ෂවර් දෙක්කුයි අල්ලාගෙන කුසපත් අංක 10 ආදී පත්‍ය පැතුරුවා 😌

අපිට හම්බෙලා තිබ්බේ හෝල් බිලට් එකක්.අපි එකතු වෙලා ඇදන් ගසලා, අතුගාල දාලා බිලට් එක ඇතුලට බඩු ගෙනිහින් තියලා අපිට තියන එළිය කොටස සුද්ද කරන්න ගත්තා...... ටිකකින් sgt ස්ට්‍රෝ ගිහින් ආවා ඊට පස්සේ එයාගේ උපාශේෂණ අනුව බිලට් එකයි ඒ අවටයි
ගානට හදා ගත්තා ඔක්කොම ඉවර වෙලා බලද්දී වෙලාව 4 ට විතර කිට්ටුයි..අද බිලට් ඉම්ප්පෙර්ස් එන්නේ නැති හින්දා හොද කොච්චර හැදුවත් මේක පිස්සන් කොටුව වගේ ඇයි ඉතින් හැමවෙලේම බඩු ගන්න ට්‍රාන්කා අරිනවා අරකයි මේකයි නේ....

කලින් ආපු නිසා හොදට ගියා තව කට්ටිය එනවා.  ඉවරයි කීවට ඉවර නෑ තාම් පොදු බඩු පෙට්ටිය අහුරනවා.  6 වෙද්දී යන්තම් ශේප් උනා අනුෂා මැඩම් හිටපු නිසා තමා මෙහෙමවත්, අපිත් එක්ක කැම්ප් ආව මැඩම් තමා එයා හැමෝම කැඩෙට්ලට බනිද්දී අපි වෙනුවෙන් කතා කරන්නේ එයා තමා ලොකු කැපකිරීමක් ඒක.......

ටිකකින් ළමයි දෙන්නෙක්ව ඉස්කූල් යුනිෆෝම් අන්දලා ෆැග් පාටි යවලා sgt කම්පරස් ගියා, දැන් පැටූන් එකම මේ සිනි කෝප්පේ අතේ 😪👍🏻......... ෆැග් ගියපු දෙන්නා ආවට පස්සේ මෙස් එක ඇරෙන්ග් කරන්න ජුනිය 5 ස් දෙනෙක් යවලා අපි මෙස් එකට ආවා, ආසම  නැති වැඩේ... එතන ගිහින් සුපිරියට බැනුම් ඇහුවකි. කොහොම හරි මෙස් එකෙන් sgt කෑම එකකුත් අරන් අපි ආවා.8.30 පහු වෙලා sgt තාම නෑ, අපි වොෂ් දාලත් නාහ්.

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now