" දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ.... හායි හායි ආපි ඔන්න සෙල්ම් කාලේ.."
" දිල් ඕකට ගිහිල්ලා කරන්න තියන දේ විතරක් කරනවා... මෙතන ගිරිය කඩන් කෑගන්නැතුව..!"
හැකියාව තිබ්බට අත දෙන්න කවුරුත් නෑ කියන්නේ ඕකටනේ.....
ඉස්කෝලේ නිවාඩු දීලා ගෙවෙන පලවෙනි නිවාඩු දවස තමා මේ....හැබැයි ඉතින් ගිය පාරවල් වගේ නෙමේ මේ සැරේ... සතියයි නිවාඩු.. ඊට පස්සේ ඉස්කෝලේ පටන්ගෙන දවස් දෙකකින් විභාගේ....
" එහෙ බැලුවත් විභාගේ මෙහේ බැලුවත් විභාගේ... විභාගේ තමා අපේ අභාගේ.... "
" මන් දැන් අවොත් විභාගේ පෙන්නවා...කීයටද ඕක අස්සට ගියේ තව නෑ අර ළමයි එනවත් ඇති දැන්... "
" හරි.. හරි අනේ... එන්නම්"
අද මගේ කිඹුලියෝ දෙන්නයි... උර්තල් බෝලෙයි මෙහේ එනවා කීවා...පාඩම් කරන්න... ඕක වෙයිද දන්නෑ හැබැයි...
වොෂ් දාලා... ඔඩිකොලෝන් දාලා සුවද ගහලා මන් ගියා තේ බොන්න....
අම්මයි අප්පච්චි කෑම ගද්දි මන් තේ බොනවා.. අපි ඉන්නේ දේශසීමා දෙක්ක😪
යද්දී ඉන්නවා අපේ ගෙදර ශ්රියා කාන්තාවයි එයාගේ හබ්බයි...
" සුදූ දූ අර ළමයි කීයටද එනවා කිවේ... "
" 9 වෙද්දී එන්න බලන්නම් කිවේ අප්පච්චි... හුක.... "
බිස්කට් එක වැටුනා අප්පාහ් තේ එකට..
" මොකක්ද.. මොකක්ද කියන්න ගියේ ආ... "
" මන් මොකුත් කීවද මතක නැනේ... "
" හිතන්න එපා අපේ කන් ඇහෙන් නෑ කියලා... හැදෙන තාලේ අන්තිමයි... "
" ඔයාමනේ දයාන් මෙයාව හුරතල් කරන්නේ... "
" ඉතින් ගැනියේ මන් කුණුහර්ප කියලා දුන්නද..අනික තමුසේ ඉස්සර කිවේම කුණුහරපනේ... "
" ඒ ඉස්සරනේ දැන් නෙමේනේ.. "
මන් මේ ලෝකේ බලන්න ආසම වලිය තමා මේ... ඒ දෙන්නා ආතල් එකට රණ්ඩු වෙන්නේ කියන්න මන් දන්නවා... ඔය වෙලාවට දෙන්නගේ පෙර වැරදි කියා ගන්නවා....
" දැන් කිවේ නැති උනත් තමුසේගෙන් තමා ගිහින් තියෙන්නේ...කටේම තිබ්බේ ඒවානේ "