02🪶

160 9 1
                                    

"ආය්යූ බබෝ දන්නැද්ද පොඩ්ඩක් අපි හුලං වදින්න ආවා "

" හැමදාම මේ වෙලාවට තමුසෙලාට හුලං ඕනේ ඇති නේ. ඔහොම ගියොත් තුන්දෙනාටම හුලං තමා.... අයින් වෙනවා දින්සරා මට වැඩ තියෙනවා "

" ආ යන්නකෝ... ඒ මේ අහනවකො වැඩ තිබ්බට තමුසෙගෙ ප්‍රථම රාජකාරිය මම හොදේ "

" හීනෙන් තමා "

" ඒ බන් සිරාවටම මේම හිටියොත්  හුලං තමා රෙහානා අක්කිත් මට බැන්නා බන් වාර විභාගෙට ලකුණු මදී කියලා... අඩෝ තව ලොකු කාලයක් නැනේ බන් O/L වලට "

" ඒක තමා බන්... මෙහෙමයි මේ පළාත් camp එකෙන් මන් හිතන් නැ තේරෙයි කියලා. බලමුකෝ  අපි ගෙදරට සෙට් වෙලා ඉස්කූල් වැඩ ටික මැනේජ් කරගමුද "

" අනේ බන් දිල් අපි ඔය කතාව කොච්චර කටින් කිවත් වෙන් නෑ, ගෙදරකට‍ සෙට් උනත් අපි මෙන් කියලා කොරයි පාඩම්... උබලා දෙන්නට අව්ලක් නෑ ගේමක් ගැහුවකි. ඒත් බන් ගිය වාරෙ මට S9 උට්ටෝ "

ඇත්ත අපි camp එකක් ලන් වෙද්දී ඕක තුන්දෙනා මාරුවෙන් මාරුවට කියලා ඇති ඕන තරන්. ඒත් එකත් නිකන් කටින් ට්‍රිප් යනවා වගේ වැඩක්. හැබැයි මේ පාර නම් පළාත් එකෙන් අපට පෙලෙස් එකක් තියේද කියන්න අමාරුයි...... ඇත්තටම අපි රෑන්ක් ලා හින්දා වැඩ කරගන්න sgt හෙල්ප් කරන්න ඕනේ විශේෂයෙන් මන් මොකද මන් තමා අපේ පැටූන් එකේ සිනි කෝප්පේ, සීනියර් කෝප්‍රල් අරුන් දෙන්නා ලාස්ට් කෝප්‍රල්ලා දෙන්නෙක්. Sgt ගෙන් පස්සේ ලොකු වගකීමක් මට පැවරිලා තියෙනවා පැටූන් එක ගැන.ඇත්තටම අප්පච්චි නම් මගේ මේ වැඩ වලට කැමති නෑ ඒත් අම්මා මාව තේරුම් ගන්නවා ඉක්මනට. අප්පච්චි කැඩෙට් කරන්න දුන්න අවසන් අවුරුද්ද තමා මන් මේ ගෙවන්නේ.

පලවෙනි පීරියඩ් එක ඉවර වෙලා අපි ගියා පන්තියට. අයියෝ මේ පෙට්ටි කිකිළි ප්‍රශ්න පත්‍රයක්.

" ආ ඔයාගේ නම මන් හොයා ගත්තා මදාරා නේ, ඇයි ඉස්සල්ලා ඇහුවම කිවේ නැත්තේ. ඔය තුන්දෙනා පරක්කු වෙලා ආවේ "

" මේ එක වෙලාවට එක ප්‍රශ්නයක්‌ අහනවකෝ.. අනික මට මදාරා කියන්න එපා මන් කැමති නෑ. දිල් කියන්න කොහොමද නම දැන ගත්තේ "

Eww මදාරා මගේ නමේ කැමතිම නැති වචනේ. අම්මා නම් කියනවා ඒ නමලු නමේ ලස්සනම කැල්ල කොන්ඩේ දික්කරානම් පුන් මදාරාවක් වගේම ලස්සනට ඉදිලු, හරියට දිවලෝකේ මල් දැකලා වගේ අම්මා කියවන්නේ.මට ඔය කොන්ඩ කෙස් නැනේ හෙන වදේ අප්පාහ් දාඩිය දැම්මාම.

" මේ පොතේ තියෙන්නේ... මේ ඔයාලා කොහෙ ඉදන්ද ආවේ පරක්කු වෙලා "

ශිකේ අපේ අම්මා පොත් වල නම් ලියද්දී ලියන්නේ 
R. M. D මදාරා රත්නායක  කියලනේ.

" ප්‍රැක්ටිස් තිබ්බා, ඒක ඉවරවෙලා ආවේ "

" මොන ප්‍රැක්ටිස් ද "

" කැඩෙට් "

" ඕඕ ඔයාලා කැඩෙට් කරනවද නියමයි නේ... ඒක නෙමේ මදාරා මට අර දෙන්නවත් හදුන්වලා දෙනවකො "

" අනේ මේ පෙට්ටි කිකිළි දිල් කියපන්.. ආස නෑ යකෝ මදාරා කියනවට "

" eww කවුද යකෝ පෙට්ටි කිකිළි මන් යසසි "

අම්මට හුඩු මේකිගේ සැර 

" යසසි නෙම් උබ යක්සනි.. පෙට්ටි කිකිළි😏 "

"අනේ එපා හලෝ... පෙට්ටි කි.."

" අඩෝ තොපි දෙන්නම නවාතපියව්, වැඩක් කරන්න ගත්තා විතරයි උබලා ගැනී මිනිහයි වගේ හර්මනි වෙන්න ගත්තා "

Oop මේතු බබා ෆයර් වෙලා, RSM අක්කා බැනලුනේ වැඩ කරන්න අරන්.ඒත් එක්ක යසසි කියපු කතාවටනම් මේතු ගෙයි මගෙයි ඇස් උඩ ගියා යකෝ.

" පිස්සුද අනේ ඔයාට බෝක්කු දෙකකට හර්මනි වෙන්න බෑ හලෝ... "🌝

" අනේ මොනවද ඔය තුන්දෙනා කියවන්නේ.. මේ ඔයාගේ නම කීවෙත් නෑ අපිට, මන් නෙතු මේ මගේ ටීවීන් මේතු මේ ගහලයා දිල් එතකොට ඔයා "

හරිම සක්කිලි හදුන්වා දීමක් 😒

" මන් යසසි ස්වප්නා "

පුහ් ස්වප්නා...යසසිත් අව්ලක් නෑ. එයා හෙන ෆෙන්ලී and ෆනි කෙල්ලෙක්. එයත් කැඩෙට් කරපු කෙනෙක් ඒත් මේ සැරේ එයාගේ මෙඩිකල් ඒක ෆේල් වෙලා.අම්මයි තාත්තායි ඩොකාලා.

" ඉතින් යාලුවෝ දාලා එන්න දුක හිතුන් නැද්ද "

" ම.. මට යාලුවෝ හිටියේ නෑ "

ස්වප්න මදාරා ||GLWhere stories live. Discover now