14 🪶

85 6 2
                                    

මුහුද... සමහර මිනිස්සු වලදාපු මතක වෙරළ හේදිලා උඩට මතු වෙනවා වගේම මතක් වෙනවා.....
ඉතින් එහෙව් මතකම තමා රැල්ල මහ මුහුදට ඇදලා ගන්නේ.....

" මට‍ බයයි මේතු... "

මේ හොදට හිනා වේවි හිටපු තමන්ගේ යාළුවා හිටී හැටියේ බයයි කියන්නේ මොනා කැවිලද බලන්න මේතු තමන්ට එහා පැත්තේ ඉදන් හිටපු දිල් දිහා පුදුම වෙලා බැලුවා.... ඒත් දිල්නම් හිටියේ ඈත පේන සිතිජයටත් එහා කල්පනාවක....

" දැන් තෝ මොනවටද බය... "

" උබ දන්නවා බන් මට‍ මේ මුහුද එක්ක හරියට මෙතන මට‍ තියන මතක ඒවා ලස්සන ඒවා නෙවේ කියලා.... "

" ඒවා උබ රැල්ලට ගහන් යන්න දීලා අනිද්දට අවුරුදු දෙකක් ... ඒ වගේම උබේ අළුතීන් පටන් ගත්ත සම්බන්දෙට මාස 06 යි "

ඔව් අනිද්දට අවුරුදු දෙකක් ... හෙටට වයස අවුරුදු 17 ක්‌ පිරෙන කෙල්ලට හරියටම 13 දී පටන් ගත්ත 15 දී වල දාපු සුන්දර අතීතයක් තියෙනවා...සුන්දරයි කීවට ඒ අතීතට වෛර
කරන තරන් දන්නෙ මේතු විතරයි.....

" මදාරා අනේ ඉස්සෝවඩේ අරන් දෙන්නකූ... "

මෙච්චර වෙලා නෙතු එක්ක රැල්ල පාගපු යසසිට
දොලදුකක් ඇවිල්ලා එයා මොනදේ කිව්වත් ඒ දේ කොහොම හරි කරන්න බලන මදාරාට තමා එයා ඒකත් දූවන් ගිහින් කිවේ...

කෙල්ලෝ හතර දෙනා ඕලෙවල් වලින් නිදහස් වෙලා දැන් සති දෙකක් වෙන්න එනවා... ඉතින් කට්ටිය එක එක පාරවල් තෝරාගන තිබ්බා දිල් දැම්ම බිස්නස් වැඩ වලට අවදානෙ දීලා ඉද්දි... නෙතු එයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න බ්‍රිටිෂ්වේ එකට ජොයින් වෙලයි ඉන්නෙ...මේතුට නිදහසේ ඉන්න ඕන නිසා එයා මොකුත් කරේ නැති උනාට අනිත් තුන්දෙනා එක්ක ඒලවල් වලට ක්ලාස් යන්න රෙඩි පිට තමා ඉන්නෙ...එතකොට යසසිට පුරුදු පාළුවෙන් ගෙදරට වෙලා තමා ඉන්න උනේ... දිල් යසසිගේ අම්මා එක්ක කතා කරන්න හැදුවත් යසසි කිවේ

" එපා මදාරා මන් ඒලවල් කරලා ප්‍රයිවට් ෆැෂන් ඩිසයින් ඩ්‍රිගී එකක්
කරන්න හිතන් ඉන්න... "

ඉතින් එතනින් එහා ඒ ගැන දෙන්නා අතර කතාවක් ඇති නොවුන තරන්.... හැමෝම ෆ්‍රී වෙලාවේ කට්ටියම බීච් එමු කිවේ නම් නෙතුගේ අදහසකට....

ස්වප්න මදාරා ||GLWhere stories live. Discover now