" උබලා දෙන්නා 7.30වෙද්දී වරෙන්..
සැරියේ බෑ අද හදිස්සියක් නෑ නේ ඕයි... ඔය කීවාට වෙලා යයි....
කොහෙද ආ හරි ආපුවම කියකෝ.... "
" දිල් පැටියෝ එන්න කන්න... පරක්කු වෙයි... "
" මේ එනෝ..."
" ආ දිල් හවස කොහෙවත් යනවද මේ ටිකේම ගෙදරනේ හිටියේ... අද කොහෙ හරි හතර දෙනා එක්ක ගිහින් එන්න පාඩම්ම කරලා මහන්සිනේ... "
" ආ ඔව් මේ පොඩි ගමනක් යන්න ඉන්නෙ... කෝ අප්පච්චි ගියාද... "
" ඔව් අද උදේම මීටින් එකක් කියලා ගියේ... ඕන් ආච්චිඅම්මා එනවා කීවා අද හවස... "
" මරු මරු නවතින්නද... ඔච්චර එපා කන්න බෑ අප්පාහ්... "
" ළමයෝ කනවා ඔය ටික කන්නවත් වෙලාවක් නෑ විභාගේ කියන්නේ ජිවිතේම නෙමේ... "
" එහෙනම් ලයිට් කණු තිබ්බට කමක් නැද්ද.. "
" ආ හොදට හිටී මටයි අප්පච්චිටයි ලයිට් කණුවේ එල්ලෙන්න තමා වෙන්නේ එක එකාගේ කතා අහලා... මන් කියන්නේ එලේවල් කරගන්න පුලුවන් ගානට පාස් වෙන්න කියලා... "
" ඒමනම් ගේමක් ගැහුවකි බයවෙන්න එපා.. මන් යනෝ... මොකෝ මේ ටිකේ ඉස්කෝලේ යන් නැත්තේ"
" මගේ ඇගට හරි නෑ පැටියෝ... ඊළග සතියේ ඉදන් යන්න ඕනේ... "
" ඇයි අප්පච්චිට කීවද අම්මා... "
" ඔව් ඔව් ළමයෝ කිව්වා... ඔයා පරිස්සමින් ගිහින් එන්නකෝ... "
" ඔයත් පරිස්සමින් ඉන්න හරිද මහන්සි වෙන්න එපා... "
" අඩෝ පකෝ උබ හැන්සම් වෙලා උට්ටෝ... "
" උබ හිතුවද හැන්සම් වෙන්න මේකි කොල්ලෙක් කියලා... "
" ආ කොල්ලෝ විතර ද බලපං අපේ දිල් කොච්චර හැන්සම් වෙලාද... තමුසේගේ රෙහානා ලේනි වගේද.. "
" නෙතු එයා ලේනියක් නෙමේ... දෝනිට මොකුත් කියන්නෑ තමුසේ..."
අනේ මන්දා මුන් දෙන්නා හදන්න බෑ...
" හෝව් මගේ කිඹුල් පැටික්කියෝ දෙන්නා කට වහපියව්... මන් කෙසේ වෙතත් තොපේ මොංගල් ගතියනම් ලෙසටම වැඩි වෙලා... "