12🪶

100 8 4
                                    

අදට අපි ආදරේ කරන්න අරන් හරියටම මාස 05 ක්‌ වෙනවා....තව ඕලෙවල් වලට හරියට මාස දෙකයි....

ලව් ඉලව් ඔක්කොම පැත්තට දාලා අපි විභාගේ ගොඩ දාන්න වැඩ 😌......

අදත් උදේම ඉස්කෝලේ යද්දී පැටුන් එක ප්‍රැක්ටිස්...මන්,නෙතු,මේතු අපි උදේ ඇවිල්ලා කොච්චර මේ පිට්ටනියේ ප්‍රැක්ටිස් වෙන්න ඇද්ද දුකයි මේ දේවල් දකිද්දී.....

සෙල්ලම නවත්තලා මාත් මේකේ ප්‍රේක්ෂකයෙක් වෙලා 🙂....

" මදාරා ඔයාට දුකයි නේද මොනවා කිවත්... "

" ඔව් මන් හරි අසාවෙන් කරපු දෙයක් ස්වප්නා කැඩෙට් කියන්නේ... කොටින්ම මට ඒක පිස්සුවක්.... මොනා කරන්නත් ඉගන ගන්න ඕනෙනේ... "

" ම්ම්ම්.. ආ මන් අද ඔයාලා ගෙදර නවතිනවා මතකනේ... "

" ම්ම්ම් .. මන් අම්මට කීවා... අම්මනම් ඉතින් එකෙන්ම කැමති උනා.. "

" නැන්දම්මා මට‍ ආදලෙයි😌"

" එතකොට ඔය නෝනගේ අම්මා ගැන කතා නොකර ඉමු... "

" මදාරා එයාල මට‍ සලකන විදිහෙම්ම තේරෙනවානේ... ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ඔයා එයාලගෙන් 🙂. "

" හා ඒවා වැඩක් නෑ ස්වප්නා බබියෝ... මන් මේ කල්පනා කරේ.. "

" මොකක්ද.. "

" යාලු වෙලා මාස පහකුත් වෙනවා තාම ෆස්ට් කිස් එක වත් හම්බුන්නෑ මට‍ 😒"

" ආ.... හරි ලොකු දෙයක් කල්පනා කරලා තියෙන්නේ... ඔය දැකලා නැති අයත් අවරුදු ගනන් පොන් එකෙන් ලව් කරනවා මෙයාට තමා ඉවසන්න බැරි... "

" ඒ කෝම උනත් බබියෝ මන් අද රෑට ඒක ගන්නවා. "

" හීනෙන් තමා... "

" බලමුකෝ බබියෝ... අහ අද රෑට අද රෑට... "

" ඔව් ඔව් අද රෑට උබලා දෙන්නා පැණි හදේ යනවද.."

ඔන්න ආවා මී හරකි... මුන් දෙන්නා එන්නෙම මේ වෙලාවල් වලටමය් 🥲...

" යමන් පන්තියට බැග් දෙකත් දාන් හර්මනි වෙනවා මෙතන.."

පැලියාව මුන්ගේ

ඉස්කෝලේ  ඉන්නත් එපා වෙනවා මගුල...ගෙදරට වෙලා පාඩම් කරමු කීවට අහනවයැ... උරතල් බෝලෙ මාව බලන්නත් එක්කලු ඉස්කෝලේ එන්නේ....

ස්වප්න මදාරා ||GLWhere stories live. Discover now