05🪶

116 11 2
                                    

After tree days'......

4th day in camp....

@NIGHT 🫡😴

දවස් හතරක්‌ මෙච්චර වේගෙන් ගියාද කියලා ඔයා ලා හිතුවත් අපිට නිකන් මේ දවස් ටික මාසයක් වගේ... ඇයි දෙය්යනේ ආපු දවසේ සට පට ගාලා වෙලාව ගියත් අනික් දවස් වල මහන්සියත් එක්ක ඒක දැන්නේනේ නෑ අප්පාහ්....

හිතුවෙවත් නැති විදියට අපේ කෙල්ලෝ ටික 6 වෙනි තැනට තේරුණා, සමස්ත වශයෙන් 5 ක්‌ තොරගන්නවා ඒත් එක්ක තව 5 තෝරනවා 10 වෙනි ප්ලේස් එකට එනකම් තේරෙනවා. අපි 6 නිසා කොහොමත් තේරෙනවා...

ඒත් මට සතුටට වඩා තියෙන්නේ දුකක්‌. හේතුව  අප්පච්චි කැම්ප් එන්න කලින් කියපු දේ,

" දිල් මේ තමුන් කැම්ප් යන අවසන් සැරේ... තේරුනත් නැතත් ඔයා ආයේ කැඩෙට් කරන්න බෑ තේරුනාද.... "

මොනවා කරන්නද මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන මනුස්සයා වෙනුවෙන් මේ කැපවීම් කරනවා 😊

මන් වගේම නෙතුයි මෙතුයි ආයේ කැඩෙට් කරන් නෑ හේතුව මන් නැති නිසා..

" අඩෝ තොපි අහපල්ලකෝ උබලා දෙන්නා කරපන් බන්..., sgt පව් බන් තුන්දෙනෙකම අඩු උනාම අනික රෑන්ක්ලාම ඒ නිසා උබලා කරපල්ලා "

" මේ දැන් sgt අපි කිවනේ බන්... අනික උබේ අප්පච්චි හරි o /l ලගය්නේ දැන් ඇති කරා, sgt කීවා ළමයි පස්දෙනෙක් තව පැටූන් එකෙන් පිට ඉන්නවා කියලා තුනක් ගනී "

කීවට වැඩක් නෑ ඉතින්,......

මනුස්සයෙක් නිදහස කියන්න කියන්නේ මොකක්ද ඇහුවොත් කැඩෙට් කෙනේක්‌ අනිවාර්යෙන් කියන්නේ

" කැම්ප් ඇවිල්ලා හතර වෙනි දවසේ රෑ " කියලා,

ඔව් ඒක එහෙමයි ඔක්කොම ඉවරයි. හෙට 5 වෙනි දවසේ උදෙන්ම ඉස්කෝලේට පිටත් වෙන්න යන්න තියෙන්නේ.... දැන් අපි මේ හිටියට  නැගිටලා පාන්දර 2 කිට්ටුයි, ඇයි අපේ උන් බිලට් එක පෙරළන් නැටුවා ආයේ පෙරේත ගොට්ට ඇරලා වගේ...මාත් ඉතින් දුන්නා සුපිරී ගැරඩි ඩාන්ස් එකක් අපේ බිලට් එකේ හිටපු අනිත් ඉස්කෝල දෙකේ උන්ටත් අපට වගේම track 😅

" මේ හොද වෙලාවට නේද මෙතුවෝ අපට තාත්තෙක් නැත්තේ... "

" ඒත් නෙතු මන් නම් ආසයි දිල්ට වගේ නීති දාන තාත්තෙක් වත් හිටියනම්... 🙂"

ස්වප්න මදාරා ||GLWhere stories live. Discover now