08🪶

245 20 3
                                    

නෙතුගේ මේතුගේ අම්මට ලොකුවට ආදරේ විදින්න බැරි උනත් වින්ද පොඩි ආදරෙත් දෙන්නෙක් එක්ක එයා ලස්සනට බෙදා ගන්නවා....

එතකොට මගේ අම්මයි අප්පච්චියි අනේ ඒ දෙන්නා බෙදන ආදරේ වැඩිත් එක්ක....

ආදරේ හොයන කෙනක්ට ආදරේ නෙමෙයිද ඕනේ... මන් තවත් පරක්කු වෙන්න ඕනේද එයා හොයන ආදරේ දෙන්න....මගෙ හිත අහන ප්‍රශ්න වලට මටත් උත්තර නෑ අසම්මතයක් ළග...

මට‍ වගේම එයටත් මාව විශේෂද...ඒකද එයාගේ දේවල් මාත් එක්ක කියන්නේ.... නැත්නම් මාව එයාට හොද යාළුවෙක් විතරද.... ඔය කිසි දේකට උත්තර මන් ගාව නැති උනත් යසසි ගාව තියෙනවා කියන්න දන්නවා...

" මදාරා මන් හරි ආසයි ආදරේ විදින්න... ආදරේ කොයි වගේද බලන්න...ආදරේ කොයි වගේද මදාරා "

" සමහරු ආදරේ කියන්නේ නෑ ස්වප්නා දැනෙන්න දෙනවා.... එතන   ඇත්තම ආදරේ හැංගිලා තියෙනවා මහ ගොඩක් "

එයාගේ නමේ දෙවනි කැල්ල හේතුවක්‌ නැතුවම මට‍ කිය උනා... ඒ නමට ජිල්බෝල ඇස් දිලිසෙනවා...

" ස්වප්නා මන් හරි ආසයි ඒ නමට.... කව්රුත් මට‍ ඒක කියන්නේ නැනේ ඒත් "

" අද ඉදන් මන් කියන්නම්... මන් විතරක්ම කියන්නම්"

" සුදු බේබී එන්න යාලු බේබිත් එක්ක... අර බේබිලා දෙන්නා මොකුත් තියන එකක් නැති වෙයි "

ලෙසටම දෙසනවා ඇති... කොහේද ඉන්නෙ වැඩක් නැ සත්ව ගති එළියට එනවනේ...

අප්පේ නෙතුගේ අත් දෙකට කේක් කැලි දෙකයි... මන් එනවා දැකලා ඒකි නක්කලේට හිනා උනා eww ඇල්ලුවේ නැ ඒ කැරි හිනාව...

" තොපි තනියෙන් ගිලින්නේ අපිටත් තියපන්.. "

" තොපිට තනියෙන් ලව් කරන්න හොදයි නම් අපි තනියෙන් ගිල්ලට හෙන ගහනවායෑ "

" කව්ද අප්පේහ් ලව් කරේ.."

" ඇයි උබයි මදාරායි අතන හේත්තු වෙලා චක්කරේ පාඩම් කරාද... උබලා දාන මරිසි අපිට තේරෙනවා "

" චක්කරේ පාඩම් කරේත් නෑ ලව් කරෙත් නෑ.. එහෙම දෙයක් උනොත් මුලින්ම ඔය දෙන්නට කියන්නම්කො නේද මදාරා.. "

එයා විහිළුවට හරි මේ කරන්නේ බලාපොරොත්තු වැඩි කරන එක...

ගොඩක් දේවල් කතා කරා... මන් කැමති මේ දවසට.... මේ පැය කීපෙට ඊට වඩා කැමති...ගොඩක් දේවල් කතා උනා ... තව මාසෙකින් නිවාඩු ඊට පස්සේ විභාගේ.... නිවාඩුවට‍ අපි පාඩම් කරන්න ප්ලැන් කරගත්තා....

යසසි අදත් තනියෙන් මන් හිතන්නේ..අපි එද්දිත් ගීතා 
අම්මා විතරයි හිටියේ

අප්පච්චි 6 ට කලින් එන්න කීවට දැන්  හයේ කැලිත් නෑ මන් තාම බස් එකේ...ගාටනවා මගුල

ඒ අස්සේ එහා පැත්තේ වෙනම ම මංගල්‍යක්.. අපරාදේ දෙකේ ෂිට් එක්ක ඉද ගන්න තිබ්බේ... මුන් ගැරඩි වගේනේ වේලිලා ඉන්නෙ..

අම්මොහ් ආවා.. වෙලාව හතයි විසිපහයි යකුනේ අද නම් කයි වගේ...ඒ දෙන්නා ඇවිල්ලා නැතිවෙවා එස් වා පූහ්...

නෑ නෑ ගෙදර ප්‍රාඩෝ එක හැව්...මන් නො හැව් වෙන්නයි යන්නේ... චන්ද්‍රපාල හුට්ටෝ... 🙂

" දිල් ඔහොම ඉන්නවා කොහෙද ඔය හිමිට යන්නේ... මන් යද්දී කිවේ මොකක්ද තමුන්ට.. "

ඊයේ සුදු දූ ගාපුවා ලේප්ට්.. කාලගුණේ වගේ මෙයත් 😒

" අප්පච්චි අර දෙන්නා දාන්න ගියා රෑ වෙලානේ "

" රෑ...ඇයි තමුසේට රෑ නෙමේද ආ.. අනික තමුසේ මතක තියාගන්නවා බාහිරින් කොහොම උනත් අභ්‍යන්තරෙන් කෙල්ලෙක් කියන එක.. "

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පොඩි කොටසක් හොදේ 🥺

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now