Dear Lord, when I get to Heaven
Please let me bring my man
When he comes, tell me that you'll let him in
Father, tell me if you can
All that grace, all that body
All that face makes me wanna party
He's my sun, he makes me shine like diamondsAirPods දෙකත් කනේ ගහගෙන ඇස් දෙක පියාගෙන ශීට් එකට ඔළුව බරකරගෙන හිටිය මාන්‍ය අවුරුදු දහයකට වැඩි කාලයක ඉඳන් එයා ආසම සිංදුවකට නිවී සැනසිල්ලේ කන් දීගෙන මනෝ ලෝකෙක සැරිසරමින් හිටියා. ඒත් එහා පැත්තේ ඉදන් හිටිය නංගි වැලමිටෙන් ඇනපු පාරට දැහැන බිඳුණු මාන්‍ය ඇස් ඇරලා නංගි දිහා බැලුවා.
" එක පැත්තක් ගලවන් ඉන්නවකෝ වදේ... තේ බොනවනන් බහින්නලු. "
" මට එපා. "
" අම්මා අයියට එපාලු. මටත් එපා. ඔයාලා බීලා එන්න. "
ශටර් එක පාත් කරලා දැනටම කා' එකෙන් එළියට බැහැල හිටිය අම්මට කතා කරපු ශංකි ශටර් එක වහලා ආයෙම අයියා දිහාවට හැරුණා. ශාක්‍යා මෙතිඳි රාජපක්ෂ ලංකාවේ ප්‍රසිද්ධ ඇගළුම් ව්‍යාපාරික තේජා රාජපක්ෂගේත් , ශාලිකා රාජපක්ෂගේත් එකම දුව. එතකොට එයාට වඩා අවුරුදු දහයක් වැඩිමල් එයාගේ එකම සහෝදරයා මාන්‍ය බිම්සර රාජපක්ෂ ලංකාවේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යා උපදේශකවරයෙක්.
මාන්‍ය කතාවෙන් මිනිස්සු අල්ල ගන්න බහතෝරන කාලේ ඉඳලාම දක්ෂයි. මුලින් මුලින් මානව සම්පත් කළමනාකරුවෙක් වීමේ ආසාවක් මාන්යට තිබ්බත් උසස් පෙළ අවසන් කරලා අහළ පහළ ළමයි කීපදෙනෙක්ට තමන් ආසම විෂය වුණු ආර්ථික විද්‍යාව උගන්නන්න පටන් ගත්ත එක මාන්යගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.
විශ්වවිද්‍යාලයේ ගත කරපු අවුරුදු හතරත් දිගටම ආයතන කීපයකම ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදියට වැඩ කරපු මාන්‍ය , තරුණ වයසෙදිම ලංකාවේ හොඳම උසස්පෙළ ආර්ථික විද්‍යා ගුරුවරු තුන් දෙනා අතරට එන්න තරම් වාසනාවන්ත වුණා.
" අයියා ඔයා ඇයි ඇත්තටම අනුරාධපුරේ යන්න මෙච්චර අකමැති ඒයි. අර පොඩිකාලේ වැවේ ගිලුණු සීන් එක නිසාද ?"
" නෑ."
" එහෙනම් අනුරාධපුරේ කෙල්ලෙක් ඔයාට බූට් එකක් වත් තිබ්බද ? "