" මගෙ වස්තෝ..... "
බරාස්...
" අම්මෝ බ@ලෝ... "
මාන්යගේ ඇමතුමෙන් පස්සේ ෆෝන් එක නයනා අතට දුන්න ශවීන් එයාගේ වස්තුව හොයාගෙන ආග්යගේ කාමරේට ගියා. ඔළුවෙ ඉඳන් පොරවන් නිදාගෙන ඉන්න ආග්යව දැක්ක ගමන් ශවීන් ගිහින් ඇඳට පනිද්දි ඇඳ පොලු දෙක තුනක්ම මහ සද්දයක් එක්ක පොළවට පතබෑවුණා.
ඒ කියලත් ඉතින් කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් ඒ ගැන ගාණක් නෑ. මොකද අවුරුදු ගාණක් තිස්සෙම දුවන් ඇවිත් ඇඳට පැනලා ඇඳ පොලු වට්ටන ශවීන්ම ගෙදරින් එළියට යන්න කලින් ආයෙ ඇඳ තිබ්බ විදියට හදල දීලා යන්න පුරුදු වෙලා හිටියා. අවුරුදු ගාණක් තිස්සේ ඕවට කෑ ගහලම දැන් නයනත් ඇඳ පොලු නෙමේ ඇඳම කඩන් වැටුණත් ඕව නෑහෙන තාලෙට ඉන්න පුරුදු වෙලා හිටියා.
ශවීන් ඇඟ උඩට පැන්න පාරට සැප නින්දෙ හිටියෙ ආග්ය කෑ ගහගෙන ඇහැරුණත් ශවීන් පොරවන් හිටිය රෙද්ද පිටින්ම ආග්යව තුරුල් කරගත්තා.
" මෙහෙ වරෙන් තොත්තුවක් දෙන්න. "
ඒ කියන ගමන් ශවීන් බෙඩ් ශීට් එක මූණෙන් අයින් කරලා ආග්යගේ කම්මුල ඉම්බත් ආග්ය නන් නෙමේ නිකමට වත් ඇස් ඇරියේ.. ශවීන් එයාව ඉම්බා කියන්නේ කොල්ල දරා ගන්න බැරි සතුටකින් ඉන්නේ කියන්න ආග්ය දන්නවා. මොකද ආග්ය මතක ඇති කාලෙක ඉඳන් ශවීන්ගෙන් ලැබුණු හාදු ගැන්න නන් මේ තමා ආග්යට ශවීන්ගෙන් ලැබුණු තුන් වෙනි තොත්තුව. කොහොමත් ආග්ය කෙනෙක්ට පිසිකල් ටච් එකකට ඉඩ දුන්නා නන් ඒත් ශවීන්ට විතරමයි.
" හිතුව රිසාල්ට් එකම තමා. "
ඇඳේ එහා පැත්තට පෙරලිලා උළු වහලේ දිහා බලාගෙන ශවීන් කියද්දි ආග්ය පොරවන් හිටිය ශීට් එක අයින් කරන ගමන් ශවීන් දිහා බැලුවා.
" ඔයාට ?"
" 5යි 4යි. හොඳම විහිලුව. මට සයන්ස් වලට A නාම්බෝ... මම Maths , science , commerce තුනම ගොඩ ගියේ උඹ ටොකු ඇන ඇන ඉගැන්නුව නිසා... මට දුකාආඅයීඊඊඊ... "
" ඒක හිතන්න එපා. "
" මේ උඹටත් පුළුවන් වෙයි දවසක මාන්ය සර් වගේ ගුරෙක් වෙන්න. හැබැයි අවුල කියන්නේ මාන්ය සර් භාවනා කරවලා පාඩම් කෙරෙව්වට බොලානම් වේවැල වන වන ඇවිත් පාඩම් කරවයි. "