06 🤍

874 129 156
                                    


" සුභ නුඹ පළමුව ශ්වේතගෙන් සමාව ගත යුතුයි. "

" නොහැකී... මා කිමද ? මොහු මා රිදවූ බව ඔබ නොදුටුවේද ?  ඔබත් ප්‍රිය ශ්වේතට නොවේද ? ශ්වේත මගෙන් සමාව අයදිය යුතුයි. වහාම. ආහ්හ්... ශ්වේත !!! මොහු මා රිදවයි මේඝ... "

" ශ්වේත ඔබ හා මිතුරු වීමට ප්‍රිය හැඩයි මගෙ දරුවෝ... ඔහු හා ඇති අමනාපකම් අමතක කොට මා අනුගමනය කරමින් ඔහු පිරිමදින්න. ම්ම්ම් එලෙස... ඔහු නිසකවම ඔබ හා මිතුරු වනු ඇත."

" රන් ටිකිරි සිනා... මුව මුව පාලා... දැන් ඇති හීන බැලුවා... නැගිටින්ටා... "

" ශංකි. "

" හීන දැක දැක හිටියෙ අනුරාධපුරේ කෙල්ලවද ඒයී... පුදුම මනමාල හිනාවක්නේ තිබ්බේ... මේ... අම්මට පෙන්නන්න මන් video එකකුත් ගත්තා. "

කන ගාවම ඇහුණු ශංකිගෙ කටේ සද්දේ නිසා නින්දෙන් අවදි වුණු මාන්‍යට උදේම දකින්න ලැබුණු සුභ දසුන තමයි ෆේස් පැක් එකක් දාගෙන මූණට එබීගෙන ඉන්න තමන්ගේ ආදරණීය නංගි. අද යාළුවෝ කිහිපදෙනෙක් එක්ක Girls dayout එකක් යන්න දාගෙන තිබුණු නිසා ඉරිදා වෙලත් උදේම ඇහැරුණු ශංකි අම්මගෙ කීමට මාන්‍යව ඇහැරවන්න හිතාගෙන මාන්‍යගේ කාමරේට ආවා.

උදේ 8.30 වෙනකොට කුරුණෑගල ඉන්න ඕන නිසා උදේ හයට වත් කොළඹින් පිටත් වෙන මාන්‍ය ඉරිදා දවසට පාන්දර පහට විතර නින්දෙන් අවධි වුණත් අද නන් එලාම් එක වඳින්නත් කලින්ම මාන්‍යව ඇහැරවන්න වෙන එලාම් එකක් ඇඳ උඩටම ඇවිත් තිබුණා.

කාමරේට ආව ගමන් අයියා හීනෙන් හිනා වෙන අති දුර්ලභ දසුනක් දකින්න ලැබුණු ශංකි අම්මටයි තාත්තටයිත් පෙන්නන්න හිතාගෙන එ ලස්සන හිනාවත් වීඩියෝ කරගෙනම මාන්‍යව නින්දෙන් අවධි කරා.

" Good morning !"

" Very good morning !"

" කොහෙ යන්නද මේ උදේම යක්සනී වගේ... "

" Girls things bro . "

" දැන් අයියට කියන්න බැරි තරම් Girls things තියෙන්නෙම මගේ කෙල්ල ලොකු වෙලාද ?"

" නෑ... නෑ... යාළුවො එක්ක එළියට යනවා අයියා. නැඟිටින්න ඔයාට පරක්කුයි. "

මාග 🤍 Where stories live. Discover now